Cricket NewsEXCLUSIVE

මහේල සමග රංගන හේරත්,ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරවත් පුහුණු උපදේශකවරුන් ලෙස එක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වෙයි.!

මහේල ජයවර්ධන ,මහතා පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ පළමු වටය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳෙමින් පුහුණු උපදේශකයකු ලෙස ක්‍රියා කල අතර ලෝක කුසලාන ඉතිරි තරඟ සඳහා තාක්ෂනය හා සම්භන්ද වී උපදෙස් ලබාදුන් බව ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුනා.

මේ අතර වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක වරුන්ලෙස මහේල ජයවර්දන ඇතුළුව මෑතකදී විශ්‍රාම ගත් ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර, රංගන හේරත් යන හිටපු ක්‍රීඩකයන් තිදෙනාගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සහ ගන්නා ආකාරයක් ක්‍රිකට් ආරංචි මාර්ග හරහා වාර්තා වනවා.

The island පුවත් පත මේ පිළිබඳව විශේෂ සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන අයුරින් වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවන රංගන හේරත්, ලසිත් මාලිංග හා නුවන් කුලසේකර යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා මහේල ජයවර්ධන සමඟ පුහුණු උපදේශක වරුන් ලෙස කැඳවීමට යෝජනා වී ඇති බවය .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් මෙය සඳහන් කර නොමැති මුත් The island පුවත්පත සඳහන් කරන්නේ මේ පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින කිහිපය තුලදී ප්‍රකාශයට පත්වනු ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මේ පිළිබඳව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව The island වෙබ් අඩවිය තැබූ සටහන කියවීමට Click කරන්න – https://island.lk/slc-wants-bigger-role-from-mj-moving-forward/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button