Cricket NewsEXCLUSIVE

තමන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය වෙනස් කරමින් බෙන් ස්ටෝක්ස් යලිත් එංගලන්ත එක්දින සංචිතයට !

මීට කලකට ඉහතදී එංගලන්තය වෙනුවෙන් තමන් යලිත් වරක් ජාත්‍යන්තර පිටියේ තරඟ නොවදින බව සඳහන් කරමින් ලෝක ශූර එංගලන්ත පිලේ කොටස් කරුවෙකු වූ බෙන් ස්ටෝක්ස් එක්දින තරඟ රටාවෙන් තම සමුගැනීම ප්‍රකාශ කලේය.

කෙසේ නමුත් මෙවර ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් යලිත් ඔහුට එක්දින පිටියට පිවිසීමේ හැකියාව පිළිබඳව සීමිත පන්දුවාර කණ්ඩායම් නායක ජොස් බට්ලර් ස්ටෝක්ස්ගෙන් විමසීමක් කිරීමට නියමිත බව මීට දින කිහිපයකට ඉහතදී එංගලන්ත මාධ්‍ය සඳහන් කර තිබුණි.

ඒ අනුව අද ප්‍රමුඛ පෙලේ එංගලන්ත මාධ්‍ය සඳහන් කරන්නේ බටලර්ගේ ඉල්ලීමට ස්ටෝක්ස් පාර්ශවයෙන් ලැබෙන ප්‍රතිචාර යහපත් බවයි.

ඒ අනුව ඔහු එලබෙන ලෝක කුසලානයේදී යලිත් එංගලන්ත ජර්සියෙන් දැක ගැනීමට හැකි වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button