Rinku Singh තම පියාට Kawasaki Ninja 400 යතුරුපැදියක් තෑගි කරයි.

ගෑස් සිලින්ඩර බෙදාහැරීමෙන් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අරගල කළ තම තාත්තාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොහොසතකු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිං ඉන්දීය රුපියල් ලක්ෂ 5කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 17ක) අධික වටිනාකමකින් යුත් කවසාකි නින්ජා 400 ස්පෝර්ට්ස් යතුරුපැදියක් පිරිනැමීමත් සමඟ ඔහුගේ ජීවිතය ප්‍රීතිමත් මුහුණුවරක් ගත්තේය. මේ සිදුවීම ඊයේ සමාජ මාධ්‍ය කැලඹූ සංවේදී පුවතක් වූ අතර, මිලියන ගණන් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වූවේය.
රින්කු සිංගේ තාත්තා ඛාන්චන්ද් සිං ජීවිතය පුරාවටම තම පුතාට ආධාරකයක් වූ අතර, පවුල දැඩි මූල්‍ය අර්බුදයක තිබියදී පවා ක්‍රිකට් පුහුණුවට යොමු කරමින් රිංකු තරු ක්‍රීඩකයකු බවට පත් කිරීමට ප්‍රබල වෙහෙසක් දැරීය. පසුගිය ඉන්දීය ප්‍රීමියර් ලීග් ජයග්රහණයෙන් පසු මේ තරු ක්‍රීඩකයා තම පවුලම දරිද්‍රතාවයෙන් මුදාගත්තේය.
එහෙත් රින්කු සිංගේ තාත්තා ඛාන්චන්ද් තවමත් ගෑස් සිලින්ඩර බෙදාහරින්නෙකු ලෙස සේවය කරන අතර, පුතා දුන් යතුරුපැදියෙන් වැඩට යන ආකාරය වයිරල් වූ වීඩියෝවකින් පෙන්නුම් කළේය.
අයිපීඑල් තරගාවලියේදී යෂ් දවාල්ට ඕවරයකදී හයේ පහර 5ක් එල්ල කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ජයග්‍රහණය ගෙන දුන් රින්කුගේ නම මේ ප්‍රභූ ලැයිස්තුවට එක් විය. ඒ නිසාම මෙවර තරගාවලියට ඔහු කෝටි 13කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45කට) මිලදී ගත්තේය.
මේ අතර, ඉන්දීය සමාජවාදී පක්ෂයේ ලෝක් සභා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියා සරෝජ් සමඟ විවාහ වීමට රින්කු සිං සූදානමින් සිටින පුවතක් ද පසුගියදා ප්‍රචාරය විණි.