Cricket NewsEXCLUSIVE

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පෙම්බැදි එංගලන්තය තරුණයා, කොදෙව් තරඟාවලියේදී ලංකාවට ඔල්වරසන් දැක්වීම සඳහා නැවතත් මෙරටට පැමිණෙයි.!

2021 වසරේ ජනවාරි මාසයේ පැවැත්වූ ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟාවලිය නැරඹීම සඳහා මාස 10 ක් ඇඳිරි නීති සමය තුල මෙරට තුළ රැඳී සිටි එංගලන්ත ජාතික Rob Lewis තරුණයා නැවතත් මෙරටට පැමිණ තිබේ.

ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලෝක ශුරතා ටෙස්ට් තරඟාවලියට අනියුක්තව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය නැරඹීම සඳහාය.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා එංගලන්ත තරඟාවලිය ක්‍රීඩා ලෝලීන් හට නැරඹීමට අවස්ථාවක් නොවුනු අතර ඒ අවස්ථවේ Rob Lewis ගාලු කොටු පවුරේ සිට ධජයක් ලෙලවමින් තරඟය නැරඹු අතර එය එම කාලයේ සමාජ මාධ්‍ය තුල විශාල කතා බහට ලක්විය.

ගාලු ක්‍රීඩාංගණයට මෙන්ම ලාංකික ක්‍රීඩා ලෝලින් හටද දැඩි ඇල්මක් දක්වන Rob Lewis මෙවර ශ්‍රී ලංක-කොදෙව් ටෙස්ට් තරඟාවලිය නැරඹීම සඳහා මෙරටට පැමිණෙන බව සිට ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කලේය.

එහිදී ඔහු සදහන් කර තිබෙන්නේ තමන්ගේ දෙවන මව්බිම ශ්‍රී ලංකාව බවයි. ඔහු තැබූ ට්විටර් සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්

“අපූරු මිනිස්සුන්ගේ ආදරයට බොහොම ස්තූතියි, මගේ ප්‍රියතම දෙවන මාතෘභූමියට(ශ්‍රී ලංකාවට) නැවත පැමිණීම ඉතාමත් සතුටක්.නැවත හමුවෙමු අපි, මගේ ප්‍රියතම ක්‍රීඩාංගණයෙදි. ”

එලෙස Rob Lewis සටහන් කල ට්විටර් පණිවුඩය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button