Cricket NewsEXCLUSIVET10 League

ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලියේ දී නම් දැරූ පන්දු යවන්නන් පවා අසරණ වද්දී ඉසුරු උදානගෙන් විශිෂ්ට පන්දු යැවීමක් .!

ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය වන අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5වන අදියර අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වුණා.

මෙවර තරගාවලියේ දෙවන තරගය ලෙස මේ වනවිට පැවැත්වෙන Team Abu Dhabi කණ්ඩායම සහ Bangla Tigers කණ්ඩායම අතර තරඟයේ දී විශිෂ්ට පන්දු යැවීමක් සනිටුහන් කිරීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන සමත්වුණා.

කෙසේ නමුත් theme අබුඩාබි කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුළු 4ක් දැවී වේගවත් ලකුණු 145 ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඉසුරු හැරෙන්නට අන් සියලු Bangla පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළ ක්‍රිස් ගේල් හා Paul Strling වේගවත් පිතිකරණයක් දියත් කලා.

ක්‍රිස් ගේල් පන්දු 23 කදී වේගවත් ලකුණු 49 ක් රැස් කිරීමට සමත් වූ අතර Paul Strling පන්දු 23ක් තුළ වේගවත් ලකුණු 59ක් රැස්කළාඅද තරඟයේ සිය පන්දු වාර දෙක යොමුකළ ඉසුරු උදාන එම පන්දුවාර දෙක තුළ ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 14ක් පමණයි.

එහිදී ඔහු එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වූයේ පන්දුවාරයක සාමාන්‍ය ලකුණු 7ක් ලෙස රඳවා ගනිමිනි.

ඉසුරු උදාන හැරෙන්නට අන් සියලු පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අබුඩාබි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 145 ක් රැස් කිරීමට සමත් වුණා.

අනෙකුත් පන්දු යවන්නන් විසින් යොමු කරන ලද පන්දුවාර 8 තුළ ලකුණු 131ලබාගත් ඔවුන් ඉසුරු උදාන ගේ පන්දුවාර දෙක තුළම ලබාගත්තේ ලකුණු 14ක් පමණක් වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් තරඟය Team Abu Dhabi කණ්ඩායම ජය ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7