Cricket NewsEXCLUSIVEInternationalLegends Story

නූතන ටෙස්ට් පිටියේ විශිෂ්ඨයා Steven Smith විසින් සංගා, සචින් තෙන්ඩුල්කාර් පසු කරමින් තවත් වාර්ථාවක් තමන් සතු කරගනී.!

නූතන යුගයේ ටෙස්ට් පිටිය තුල සිටින විශිෂ්ඨතම පිතිකරුවා වනුයේ ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්‍ ය.

මේ දක්වා සීමිත කාලයක් තුල ඔහුගේ ටෙස්ට් පිටියේ විරල දක්ෂතා බොහෝ ක්‍රීඩකයින්ගෙන් ඔහුව ටෙස්ට් ආකෘතියේ වෙනස්ම ආරයේ පිතිකරුවෙකු බවට පත් කෙරීය.

ස්ටීව් ස්මිත් මේ වන විට පකිස්ථාන සංචාරයේ දී තම කණ්ඩායම වෙනුවෙන් හොඳ රිද්මයක පසුවෙයි. රාවල්පිණ්ඩි සහ කරච්චි හි පැවති පළමු සහ දෙවන ටෙස්ට් තරගයේදී පිළිවෙලින් ලකුණු 78ක් සහ 72ක් ලබාගන්නට ඔහු සමත් විය.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී තවත් ලකුණු 59 ක් රැස් කල ස්මිත් තම ටෙස්ට් ඉනිම් 150 තුලදී රැස් කල සමස්ත ලකුණු සංඛ්‍යාව 7,993ක් දක්වා ගෙන යන්නට සමත් විය.

එහිදී ස්මිත් ගේ සාමාන්‍ය සටහන් වූයේ 60.10 ක් ලෙසිනි.

ටෙස්ට් ඉනිම් 150කට පසුව වැඩිම ලකුණු රැස් කල පිතිකරුවා බවට ස්මිත් පත් වූයේ ලකුණු 7,913 ක් ලබා සිටි ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර අභිබවා යාමට සමත් වීමත් සමඟය.

සචින් ටෙන්ඩුල්කාර් (7,869), විරේන්ද්‍ර ෂෙවාග් (7,694) සහ රාහුල් ඩ්‍රාවිඩ් (7,680) යන ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනා එම ලැයිස්තුවේ ඊළඟ ක්‍රීඩකයින් වන අතර වේගවත්ම ලකුණු 8000 රැස් කල පිතිකරු වන්නට ද ස්මිත් හට තවත් එක් ඉනිමකදී අවශ්‍ය වන්නේ ලකුණු 7 ක් පමණක් වීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7