Cricket NewsEXCLUSIVEIPL

RCB පන්දු යවන්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කළ Robin Uthappaගේ සහ Shivam Dubeගේ IPL ගිනිකෙළි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 22වන තරගය ලෙස ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම අතර තරඟය වුවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Royal Challengers Bangalore නායකයා Chennai Super Kings කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අරාධනා කළා.

එහිදී Chennai Super Kings වෙනුවෙන් සුපිරි ඉනිම් දියත් කිරීමට Robin Uthappa සහ Shivam Dube සමත් වුයේ මෙවර තරඟාවලියේ දැවැන්තම සම්බන්දත්වය පිහිටුවමිනි.

Royal Challengers Bangalore පන්දුයවන්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමින් මුළු ක්‍රීඩාංගනයම එකම ගිණි කෙළි සැණකෙළියක් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වුයේ දැවැන්ත හයේ පහරවල් පිට පිටම එල්ල කරමිනි.

Robin Uthappa පන්දු 50ක් තුල වේගවත් ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 9ක් සහ හතරේ පහර 4ක් එල්ල කරමිනි. ඊට නොදෙවෙනි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කල Shivam Dube පන්දු 46ක් තුල ලකුණු 96ක් රැස් කරනු ලැබුවේ දැවැන්ත හයේ පහරවල් 8ක් සහ හතරේ පහරවල් 5ක් එල්ල කරමිනි.

ඒ අනුව Chennai Super Kings ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 216ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එම සුපිරි ඉනිම් නරඹන්න

Robin Uthappa 

Shivam Dube

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7