Cricket NewsEXCLUSIVEInternational

පකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පමණක් සහබාගි වන සිව් කොන් ක්‍රිකට් තරඟාවලියේ යෝජනාව ICC ය කුණු කූඩයට දමයි.!

පකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගි වන වාර්ෂික සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ඉදිරිපත් කල යෝජනාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජිකයින්ගෙන් බහුතරයකගේ ප්‍රසාදය නොලැබුණු බව සඳහන් ය.

වත්මන් පකිස්තානු ක්‍රිකට් සභාපති වරයා වන රමීස් රාජා විසින් පකිස්තානය,ඉන්දියාව,ඔස්‍ට්‍රේලියාව හා එංගලන්තය එක් කරගනිමින් සිව් කොන් තරඟාවලියක් පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ඔහු මීට මාසයකට පමණ ඉහතදී ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

ඉකුත් ඉරිදා (10) ඩුබායි හි පැවති ICC මණ්ඩල රැස්වීමේදී PCB හි ප්‍රධානී රමිස් රාජා මෙම අදහස යෝජනා කර සවිස්තරාත්මක සැලැස්මක් ද ඒ පිළිබඳව ICC යට ඉදිරිපත් කර තිබුණි.

කෙසේ නමුත් රමීස්ගේ සිව්කොන් විස්සයි විස්ස තරඟාවලිය සඳහා බහුතර කැමත්ත හිමි නොවීය.ආසියානු ක්‍රිකට් සංගමය මෙම තීරණයට විශාල බලපෑමක් සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙන පසුබිමකදී රමීස් මෙම යෝජනාව සිදු කලේ පකිස්තානු ක්‍රිකට් සභාපති ලෙසින් නොව සාමාජිකයෙකු ලෙසින් බවත් පසුව මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button