Cricket NewsEXCLUSIVEMatch Review

විශිෂ්ට ශතකයක් සමග දසුන් ශානක එක් අන්තයක හුදකලා වද්දී ඉන්දියාව ලකුණු 67ක ජයක් සමග 1-0ක් ලෙස තරඟාවලිය පෙරමුණ ගනී.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්‍රීඩාංගනයේදී අද පැවති තරඟයෙන් ලකුණු 67ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශාන්කපලමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කල අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසනයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 373ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Virat Kohli පන්දු 87කදී ලකුණු 113ක් වාර්තා කිරීමට සමත් වුනා.

Rohit Sharma ලකුණු 83ක් රැස් කළ අතර Shubman Gill ලකුණු 70ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 374ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 306ක් පමණයි

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක එක්දින දිවියේ සිය දෙවන ශතකය වාර්තා කරමින් නොදැවී පන්දු 88ක් තුල වෙගවත් ලකුණු 108ක් රැස් කල අතර පැතුම් නිස්සංක ලකුණු 72ක් සහ ධනංජය සිල්වා ලකුණු 47ක් රැස් කළා.

ඒ අනූව තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button