Cricket NewsEXCLUSIVE

රොෂාන් මහානාම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස් වෙයි.!

ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය වසරේ නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ සාමාජිකයකු වූ හිටපු ක්‍රිකට් නායකයකු වන රොෂාන් මහානාම මහතා මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා මේ බව මාධ්‍යට තහවුරු කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රොෂාන් මහානාම මහතා ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7