Cricket NewsEXCLUSIVEInternational

තරග පාවාදෙන්න ඉන්දියාවෙන් තමාව කොටු කළ මෙහෙයුමක් ගැන බ්‍රෙන්ඩන් ටේලර් හෙළි කරයි.!

තරග පාවාදීම සදහා තමන්ට කෙරුණු යෝජනාවක් සම්බන්ධයෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ පිළිබඳව මේ වන විටත් ක්‍රිකට් ලෝකයේ දැඩි කැළඹීමක් ඇති වී තිබෙන අතර ICC යේ ද අවධානයට යොමුව තිබෙන බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

මෙම තරඟ පාවා දීමේ සිදුවීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට(ICC) නිසි කාලයේ දී දැනුම් දීමට තමා අපොහොසත් වූ බවට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් එම නිවේදනය මගින් පිළිගෙන තිබෙනවා.

ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් තමාට තරග පාවාදීම සදහා වන යෝජනාව ඉදිරිපත් කළ බව ද ඔහු අනාවරණය කළා….,

ඒ හේතුවෙන් තමාට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් වසර කිහිපයක ක්‍රිකට් තහනමක් පනවනු ඇති බවයි බ්‍රෙන්ඩන් ටේලර් සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ.

බ්‍රෙන්ඩන් ටේලර් සිය ට්විටර් ගිණුම ඔස්සේ මේ පිළිබඳව තැබූ විශේෂ ලිපිය පහතින්

01

02

03

04

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button