Cricket NewsEXCLUSIVEWoman Cricket

අවසන් මහා තරඟයේදී බංග්ලාදේශය පැරදවූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපරාජිතවම තරඟාවලිය ජය ගනී – තරඟාවලියේ වීරයා චමරි අතපත්තු.!

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සුදුසුකම් ලබාගත්තේ සත්කාරක මලයාසියාව පරාජය කරමිනි.බංග්ලාදේශය සමඟ අද මලයාසියාවේ ක්වාලා ලාම්පූර් නුවර පැවැති අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව පිවිසියා.

ක්වාලා ලාම්පූර් නුවර කින්‍රාරා ඕවල් පිටියේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු බංගලදේශ කණ්ඩායට මුලින්ම පන්දු රැකීම සඳහා ආරාධනා කලේය.

පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යලිත් ලකුණු අතරට පිවිසෙන්නට නායිකා චමරි අතපත්තු සමත් විය.

පන්දු 28 කින් ලකුණු 48 ක් රැස් කල චමරිගේ ඉනිම 6 පහර තුනකින් හා 4 පහර 6 කින් වර්ණවත් විය.නිලක්ශිද සිල්වා ලකුණු 28 ක් රැස් කලේය.පන්දු යැවීමේදී නහීඩා අක්තර් ලකුණු 34 කට කඩුලු 2 ක් බිඳ දැමීය.

ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස් කරන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 114 ක් පමණි.

මුර්ශිදා කාටූන් හා ෆර්ගානා හක් ලකුණු 36 හා 33 බැගින් රැස් කලේය.පන්දු යැවීමේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 17 ට කඩුලු 3 ක් බිඳ දැමීය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනිමේ වටයේ අවසන් මහා තරඟයේදී ලකුණු 22 කින් බංග්ලාදේශය පරාජය කල ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතවම ශූරතාව දිනාගන්නට සමත් විය.

ඒත් සමඟින් මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසු කම් ලබාගන්නටද ඔවුන් සමත් විය.

අවසන් මහා තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගන්නට මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ චමරි අතපත්තු හට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7