Cricket NewsEXCLUSIVE

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වන අසාධාරණයන් හමුවේ එංගලන්තයේ lancashire ප්‍රාන්තය සමග රොෂේන් සිල්වා එක් වෙයි.!

රොෂේන් සිල්වා සිය මංගල ටෙස්ට් තරඟයේදීම ඉන්දියාව තුලදී ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ අර්ධ ශතකයක් වාර්ථා කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසියා. එතැන් පටන් ටෙස්ට් තරග 12කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 33 හැවිරිදි රොෂේන් ලකුණු 702 ක් රැස් කරන්නට සමත් වූයේ එක් ශතකයක් හා අර්ධ ශතක 5 ක් ද සමගිනි.

ඔහුගේ අවසන් ජාත්‍යන්තර නියෝජනය වූයේ 2019 ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන්හිදී ය.

රොශේන්ගේ සමස්ත ටෙස්ට් ක්‍රිකට් දිවිය තුලදී ඔහු සමස්තයක් වශයෙන් SENA රටවල් තුලදී අසාර්ථක පිතිකරුවෙකු වීම අවසන් වසර තුන තුලදී ජාතික කණ්ඩායමේ වැඩි තරඟාවලි ගණනාවක් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහුව රඳවා තැබීමට හේතුවිය.

රොශේන් සිය දස්කම් දේශීය පිටිය තුල විශිෂ්ඨ මට්ටමක රඳවා ගත් දක්ෂ පිතිකරුවෙකු බව නම් නොරහසකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන්නට යෙදුනු සෑම දේශීය තරඟාවලියකම පාහේ රොශේන් වැඩිම ලකුණු ලාභීන් අතර ඉඩ වෙන් කරගත්තේය.මෑතදී නිමා වූ නැශනල් සුපර් ලීග් සිව්දින තරඟාවලියේ සාමාන්‍ය 101.33 ක් ලෙසින්‍ රඳවා ගනිමින් තරඟ 4කදී ලකුණු 304ක් රැස් කලේ තරඟාවලියෙ වාර්ථා වූ හොඳම පෞද්ගලික ඉනිමද තමාගේ නම ඉදිරියේ ලියා ගනිමිනි.(174*)

පළමු පෙල පිටියේදී ලකුණු 9000වඩා රැස් කරගත් ඔහු ලකුණු 50 කට ආසන්න සාමාන්‍යයක් රඳවා ගන්නේ ශතක 5 ක් අර්ධ ශතක 40 ක් ද සමඟිනි.

දේශීය පිටියේදී දඟපන්දු යවන්නන්ට එරෙහිව් ඔහු වඩාත් හොඳින් ප්‍රගුණකරගත් පිතිකරණය ආසියානු තණතීරු වලද මනාව පෙන්නුම් කලේය.ආසියානු තණතීරු වල ඉනිම් 13 කදී අර්ධ ශතක 5 ක් සහ එක් ශතකයක් ලබා ගන්නට ඔහු සමත් වීම ඔහු දඟපන්දු යවන්නන්ට එරෙහිව දක්වන විශිෂ්ඨ පිතිකරණයේ එක් පැතිකඩක් පෙන්නුම් කරන්නේය.

අවසන් තරඟාවලි කිහිපයේදී හොඳ මට්ටමේ දඟ පන්දුයවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය දිගින් දිගටම කණ්ඩායම අගාධයකට ඇද දමන්නක් විය.එවන් පසුබිමකදී ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව ලබාදීමේදී පසුගිය වසර කිහිපය තුළ සිල්වා කිහිප වතාවක්ම නොසලකා හරින ලදී.

එලඹෙන බංග්ලාදේශය තරඟාවලිය සඳහා නම් කෙරුණු 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට රොෂේන් නම් කෙරුණි.

කෙසේ වෙතත් ලබන මාසයේ ආරම්භ වීමට නියමිත එම ටෙස්ට් තරඟාවලියේ අවසන් එකොලොස් දෙනාගේ කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීම ගැන ඔහුට සැකයක් මතුවිය.ඒ හේතුවෙන් ලැන්කෂයර් ක්‍රිකට් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත වීම රොෂේන් හට බංග්ලාදේශ තරඟාවලිය පුරාවට බංකුව උණුසුම් කිරීමකට වඩා යෝග්‍ය බව හැඟෙන්නට ඇත.

කෙසේ වෙතත් මේ වන විටත් රොෂේන් එක්සත් රාජධානියේ සිටීම හේතුවෙන් ඔහු වෙනුවට නිමාව දුටු නැශනල් සුපර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

කමිඳු මෙන්ඩිස් ලබන මාසයේ එංගලන්තයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට නායකත්වය දීමටද පෙරදී සූදානම්ව සිටියේය.

ශ්‍රී ලංකාව මේ වසරේදී ටෙස්ට් තරග 6කට (බංග්ලාදේශයේදී 2ක්, ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව ශ්‍රීලංකාවේදී තරඟ 4 ක්‍රීඩා කිරීමට නියමිතව තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් රොෂේන් සිල්වා සමඟ නිසි සන්නිවේදන මාර්ගයක් විවෘත කරගන්නවාද යන්න ක්‍රිකට් රසිකයන් ලෙස අපට සිදුව ඇත්තේ බලා හිඳීන්නටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button