Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැඩිම අසාධාරණයට ලක්වන ක්‍රීඩකයා රොෂේන්ද – බංග්ලාදේශ තරඟාවලිය සඳහා වන සංචිතයෙන් රොශේන් ඉවතට

Roshen Silva's stunning double-century - YouTube

දක්ෂ මැදපෙළ පිතිකරුවෙකු ලෙසින් ප්‍රචලිත රොෂේන් සිල්වා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කල 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට පසුගියදා නම් කර තිබුණි.

ඒ බොහෝ කලකට පසුවය. දිගු තරඟාවලි නිහැඬියාවකින් අනතුරුව රොෂේන් හට යලි ජාතික සංචිතයේ දොරටු විවර වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම සිදුකල අසාධාරණකම් හමාර වීමෙන්ද යන්න ප්‍රේක්ෂකයින් හට දැනුණු බව නම් නොඅනුමාය.

Silva fifty puts Lanka on top in second Test | Daily News

කෙසේ නමුත් යලිත් වරක් රොෂේන්ව 18 දෙනෙකුගෙන් යුතු සංචිතයෙන් ඉවත් කරන්නට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේය.

රොෂේන් වෙනුවට කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.කෙසේ නමුත් සංචිතය නම් කල පසු ගෙවීගිය නැශනල් සුපර් ලීග් සිව්දින තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා සංචිතයට ඇතුලත් නොවූයේ කිමද යන්න පිලිබඳ ප්‍රශ්නාර්ථයක් මතු විය.

කෙසේ නමුත් අවසන් මොහොතේදී නැශනල් සුපර්ලීග් හි වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාතික සංචිතයට ඇතුලත් වූයේ රොෂේන් ගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button