Cricket NewsEXCLUSIVEInternational

මෙවර IPL හෙල්ලූ සිංගප්පුරු සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු Tim Davidව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක් කර ගැනීමට සැරසෙයි.!

වත්මන් විස්සයි-20 ලෝකශූරයින් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වෙත එලඹන ලෝක කුසලානයේදී ආයෝජයනක් සිදු කිරීමට නියමිත බව සඳහන් වනවා.

වර්ථමානයේදී ලීග් පිටියේ හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයකු වන සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ටිම් ඩේවිඩ් එලෙස ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට එක්වීමට නියමිත බව විදෙස් පුවත් මාධ්‍ය සඳහන් කර තිබුණි.

නිමාව දුටු ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු නායක ඇරොන් ෆින්ච්,මැතිව් වේඩ් වැනි ක්‍රීඩකයින් ටිම්ඩේවිඩ්ගේ කැඳවීම පිලිබඳව අනාවැකි පලකරමින් සිටියා. විස්සයි -20 තරඟ තුලදී ලකුණු 34 ක සාමාන්‍යයක් හා 165 ක ප්‍රහාරක වේගයකට හිමිකම් කියන ඩේවිඩ් මුල්පෙල මෙන්ම මැදපෙලද ක්‍රීඩා කල හැකි විශේෂඥ විස්සයි විස්ස පිතිකරුවෙකු ලෙස නම් දරා තිබේ.

අවසන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ඔහු වැඩි අවධානයක් දිනාගන්නට සමත් විය. කෙසේ නමුත් එලඹෙන විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කිරීම හෙට සිදුකිරීමට නියමිතයි. එම සංචිතය තුලට ටිම් ඩේවිඩ්ගේ නමද ඇතුලත් වීමට නියමිත බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්ථා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button