Cricket NewsEXCLUSIVELPL

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සංග්‍රාමය “LPL 2021” වෙනුවෙන් රසල් ආනොල්ඩ් මහතා ප්‍රමුඛ විචාරක මඩුල්ල නම් කරයි.!

සුපිරි ක්‍රිකට් තරු පිරිවරා, ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පසු ගිය වසරේ ශුරයන් බවට පත් වූ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ අනුශුරයන් බවට පත් වූ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

එම තරගයට පෙර මෙවර LPL 2021 තරගාවලියේ සමාරම්භක උත්සවය පස්වරු 6 ට ආරම්භ වීමට නියමිත අතර ලබන 23 වනදා දක්වා පුරා සති තුනක කාලයක් මෙරට ක්‍රිකට් රසිකයන්ට ශ්‍රී ලංකේය සුපිරි ක්‍රිකට් අත්දැකීම විඳීමේ අවස්ථාව හිමි වනවා.

මේ අතර මෙවර තරඟාවලියේදී එනම් LPL2021 තරගමාලාව සදහා එක්වන රූපවාහිනී විස්තර විචාරක මඩුල්ල මාධ්‍යට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ විස්තර විචාරකයන් වන්නේ,

රොෂාන් අබේසිංහ
රසල් ආර්නෝල්ඩ්
ෆර්විස් මහරුෆ්
අමීර් සොහෙයිල්
ඒච්.ඩී ඇකර්මන්
ඩැරන් ගංගා
මැට් කබීර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7