Cricket NewsEXCLUSIVELPL

දකුණු ආසියාවේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා නාළිකාව වන “SONY” ආයතනය සමග LPL 2021 තරඟාවලිය ජාත්‍යන්තරයට.!

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පසු ගිය වසරේ ශුරයන් බවට පත් වූ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ අනුශුරයන් බවට පත් වූ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

මේ අතර මෙවරතරගාවලියේ ගෝලීය විකාශනය අයිතිය ක්‍රීඩා විකාශන ආයතන අතර දැවැන්තම ආයතනයක් වන ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් (Sony Pictures Networks India) ආයතනය හිමිකරගෙන තිබෙනවා. ඒ අනුව සෝනි පික්චර්ස් නෙට්වර්ක් ආයතනය LPL තරගාවලියේ නිල විකාශන සහකරුවා ලෙස පැමිණෙන්නේ පිට පිටම දෙවැනි වතාවට ය.

දෙසැම්බර් මස 05 එනම් අද දිනයේ සිට දෙසැම්බර් මස 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධාන කටයුතු භාරව සිටින අයි.පී.ජී. ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටින එම ආයතනය රූපවාහිනී විකාශනයට අමතරව ඩිජිටල් සම්ප්‍රේෂණ බෙදා හැරීමේ අයිතියද ලබා ගෙන තිබේ.

ඒ අනුව මෙවර LPL තරගාවලියේ සියලුම තරග Sony Six සහ Sony Ten 2 නාලිකා හරහා විකාශනය කෙරෙනු ඇත.

විකාශන අයිතිය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වා සිටින සෝනි පික්චර්ස් නෙට්වර්ක්හි ප්‍රදාන ආදායම් නිලධාරී, බෙදාහැරීම් සහ ක්‍රීඩා ව්‍යාපාර අංශයේ ප්‍රධානී රාජේෂ් කෞල් සඳහන් කර සිටියේ, ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වන රුචිය අති විශාල වන බැවින් එම ප්‍රේක්ෂකයින් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රියාකාරකම් රැගෙන යෑම සිය ව්‍යාපාරික අරමුණ වන බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සෑම විටම ලෝක මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහි කර තිබෙන අතර මෙවර තරගාවලියට ලොව විස්සයි-20 තරග අංශයේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම ඇතුළත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තව තවත් වර්ධනයට සහ ජනප්‍රියත්වයට හේතු වනු ඇත. විස්සයි-20 තරග රටාවට ප්‍රේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් එක් රොක් වන බැවින්, ඔවුන් කිසිවකුවත් අපේ නාළිකාවල විකාශනය වන තරග මඟ හැර නොයෑමට වග බලා ගැනීමට අපට අවශ්‍යයි” යනුවෙන් කෞල් මහතා වැඩිදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

2020 වසරේ නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන ලද ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලියේ ප්‍රගති සමාලෝචන වාර්තාවට අනුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය ජාලා ඔස්සේ එය ලොව පුරා වෙසෙන මිලියන 557 ක ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙවර තරගාවලියේ විකාශන කටයුතු Sky Sports, Sony Sports Network, Geo, PTV, Willow TV සහ ශ්‍රී ලංකාවේ Supreme TV හරහා ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල මිලියන 155 ක ජනතාවට නැරඹීමට අවස්ථාව හිමිවන අතර සමාජ මාධ්‍යයන් තුළ එය මිලියන 218 ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් දක්වා විහිදී පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button