Cricket NewsEXCLUSIVE

ලොව නම් දැරූ සියලු පන්දු යවන්නන් අභිබවමින් තරඟ 3කට පමණක් ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය 2022 වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වෙයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 246ක ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්වුනා.

මෙම තරඟාවලිය පුරා සුපිරි දස්කම් දක්වමින් කඩුලු දවා ගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය තරඟාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුවා.

එමෙන්ම ප්‍රභාත් මෙම වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට ද පත් වුයේ තරඟ තුනක් තුළ කඩුලු 29ක් බිඳ හෙළමිනි.එමෙන්ම මෙම වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර ඔහු හා සම තත්වයේ Jack Leac කඩුලු 29ක් දවා සිටියත් ඔහු ඒ සඳහා වැය කර ඇති තරඟ ගණන 8ක්.

කෙසේ නමුත් අවසන්වන්ත කරණය නම් ශ්‍රී ලංකාවට මෙම වසරේ තවත් ටෙස්ට් තරඟ නොමැති වීමයි. නැවතත් ටෙස්ට් තරඟාවලියක් ශ්‍රී ලංකාවට හිමි වන්නේ එළඹෙන 2023 වසරේ මාර්තු මාසයේය.

2022 වසරේ මේ දක්වා ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන් පිළිවෙලින්,

ප්‍රභාත් ජයසූරිය – කඩුලු 29 (තරග 3)

Jack Leac – කඩුලු 29 (තරග 8)

Nathan Lyon – කඩුලු 27 (තරග 7)

Stuart Broad – කඩුලු 26 (තරග 6)

Trent Boult – කඩුලු 25 (තරග 5)

Pat Cummins – කඩුලු 25 (තරග 7)

Tim Southee – කඩුලු 25 (තරග 7)

Marco Jansen – කඩුලු 23 (තරග 4)

Kagiso Rabada – කඩුලු 23 (තරග 4)

Jasprit Bumrah – තරග 5 – කඩුලු 22

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7