Cricket NewsEXCLUSIVE

“මේ වතාවෙ මම ඇෆ්ගනිස්තානය සමඟයි, මම හිතන්නෙ අද ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරනවා” – ඉන්දීය විස්තර විචාරක Akash Chopra

මෙවර ආසියානු කුසලානය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වීමට නියමිත අතර ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායා අතර තරඟයෙනි.තරඟය ආරම්භ වීමටත් පෙර සිට තරඟාවලියේ පළමු තරඟය උනුසුම් තරඟයක් වනු ඇති බවට බොහෝ දෙනා අනාවැකි පලකර සිටියා.

ඉන්දීය ප්‍රවීණ විස්තර විචාරක ආකාෂ් චොප්‍රා තම යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව කරුණු රැසක් සඳහන් කර සිටියා.

දඟපන්දු යවන්නන් අතින් ගත් කල කණ්ඩායම් ද්විත්වය සමබර කණ්ඩායමක් බව ඔහුගේ අදහසයි.නමුත් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම තරමක් පහළ මට්ටමක ඇති බව ඔහු කියා සිටියා.

“කණ්ඩායම් දෙකේම දඟ පන්දු යැවීම හොඳයි. මට දැනෙනවා මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඇෆ්ගනිස්ථානයට කරදර කරයි කියලා. මම නම් දකින්නේ ශ්‍රී ලංකා පන්දු යැවීම, විශේෂයෙන්ම වේගපන්දු යැවීම තරමක් දුර්වලයි. මම බලනවා පතිරණට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙනවාද නැද්ද කියලා.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බලඇණිය පිලිබඳවද ඔහු එහිදී අදහස් පළකර සිටියා කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ප්‍රහාරාත්මක පිතිකරුවකු වනු ඇති බව ඔහුගේ පෞද්ගලික මතය වූවා.

“ඔබට ශ්‍රී ලංකා පිතිකරණයේදී ඔහුව දැකගත හැකි වනු ඇත, ඔහුට ඉනිම ආරම්භ කිරීමට මෙන්ම කඩුලු රැකීමේ හැකියාවද ඇත. ඔහු ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක්. හොඳ රිද්මයේ ඔහු ඉන්නවා. ඒ නිසා මම ඇත්තටම කැමතියි කුසල් මෙන්ඩිස්ව යොදවාගන්න.”

නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වන මුත් හඹායාමකදී ඔහුගේ පිතිකරණ විලාශය අවධානම් බවද ඔහු කියා සිටියා.එමෙන්ම භානුක,අසංක හා ධනංජය පිළිබඳවත් ඔහු සතු වූයේ ධනාත්මක දැකීමක්

“පැතුම් නිශ්ශංක පළමු ඉනිමේ හොඳයි ඒත් දෙවැනි ඉනිමේ නැංගුරමක් කරන නිසා ලොකු පහරවල් ගහන්නේ නැහැ. භානුක රාජපක්ෂ ප්‍රවේගකාරී අයෙක්. මට දැනෙනවා චරිත් අසලංක හොඳ ක්‍රීඩකයෙක්. ඔවුන්ට දැන් ධනංජය ද සිල්වාත් ඉන්නවා, ඔහු හොඳ ක්‍රීඩකයෙක්”
.
එමෙන්ම ශ්‍රී ලංකා නායක දසුන් ශානක තමාව අඩු තක්සේරුවෙන් දකින බව ඔහු කියා සිටියා

“දසුන් ශානක අනුව පිතිකරණය ලැයිස්තුවේ ගොඩක් පහළින් පිතිකරණයේ යෙදෙන්නේ. ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව තනි අතින් තරගයක් දිනුවත් ඔහු පිතිකරණ ලැයිස්තුවේ පහලින් පිතිකරණයේ යෙදෙන්නේ.ඔහු වැඩි පන්දු යැවීමක් ලබා සිදුකරන්නේත් නෑ ඒ නිසා මම හිතන්නේ ඔහු තමාව අඩුවෙන් පාවිච්චි කරන ක්‍රීඩකයෙක් ”

සියල්ල අවසානයේදී ඔහුගේ පෞද්ගලික අදහස වූයේ තරඟයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට වැඩි වාසි සහගත බවක් ඇතිය යන්නයි.

“කණ්ඩායම් දෙකෙන් හරියටම ජයග්‍රහණය කරන කණ්ඩායම තීරණය කරන්න අමාරුයි, නමුත්, අවසන් වරට ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සමඟ T20I තරඟයක් ක්‍රීඩා කළ 2016 දී පැවතී තරඟය ජයග්‍රහණය කළත්, 2018 දී ශ්‍රී ලංකාව එක්දින තරඟයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වූවා; මම කියනවා ඇෆ්ගනිස්තානය මෙම තරඟය ජයගනීවී කියලා.”

යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7