Cricket NewsEXCLUSIVELegends Series

සනත් ජයසුරියලා, චමින්ද වාස්ලා සහබාගි වන Legends League තරඟාවලියෙන් සචින් තෙන්ඩුල්කාර් ඉවත් වෙයි.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස Legends League තරගාවලියක්ද මෙම මස පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් එම Legends League තරඟාවලියෙන් අනතුරුව එළඹෙන පෙබරවාරි මාසයේදී Road Safety World Series තරඟාවලිය ද පැවැත්වීමට නියමිතය.

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එළඹෙන Legends League ක‍්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බව SRT ක‍්‍රීඩා කළමණාකාර සමාගම ඊයේ (8 වැනිදා) තහවුරු කළේය.

විශ‍්‍රාමික ක‍්‍රීඩකයන් සහභාගීවන Legends League ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 3 ක් ඇතුළත් වේ.

Legends League ක‍්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 30 වැනිදා දක්වා ඕමානයේ අල් අමෙරාත් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය පසුගියදා ප‍්‍රකාශයට පත් කළ අතර හිටපු ඉන්දීය නායක සහ හිටපු ප‍්‍රධාන පුහුණුකරු රවී ශාස්ත‍්‍රි Legends League ක‍්‍රිකට් තරගාවලියේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලැබේ.

බොලිවුඞ් නළු අමිතාබ් බච්චන් ඇතුළත් ට්විටර් වීඩියෝවක් මෑතකදී ඉවත් කළ අතර, එහිදී ඉන්දීය සංචිතයට සචින් තෙන්ඩුල්කාර් ද ඇතුළත් බව පෙන්නුම් කළේය.

”එම විඩියෝවේ සඳහන් පරිදි සචින් තෙන්ඩිල්කාර් Legends League ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීම පිළිබඳ පුවත සත්‍ය නොවේ. සංවිධායකයින් විසින් ක‍්‍රිකට් ලෝලීන් සහ අමිතාබ් බච්චන් මහතා නොමග යැවීමෙන් වැළකිය යුතුයි” යැයි එස්.ආර්.ටී. ක‍්‍රීඩා කළමණාකාර සමාගම නිල ට්විටර් සටහනක් තබා තිබුණි.

යුවරාජ් සිං, විරේන්ද්‍ර ෂෙවාග්, හර්බජාන් සිං සහ පතාන් සහෝදරයන් වන ඉර්ෆාන් සහ යූසුෆ් විසින් ඉන්දීය කණ්ඩායම නියෝජනය කරනු ඇත.

ෂොයිබ් අක්තාර්, ෂහීඞ් අෆ්රිඩි, අසාර් මහමුද්, සනත් ජයසූරිය, නුවන් කුලසේකර, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග ඇතුළු හිටපු පාකිස්තානු සහ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ආසියා ලයන්ස් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කිරීමට Legends League ක‍්‍රිකට් තරගාවලි සංවිධායකයන් මින් පෙර කටයුතු කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7