Cricket NewsEXCLUSIVE

ආසියානු ශුරයන්ට පිරිනැමෙන කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍ය වටා කුසලාන චාරිකාව අරඹයි – ජයාරූප කිහිපයක් මාධ්‍යට.!

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

එමෙන්ම ඕමානයේ සත්කාරකත්වය යටතේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය මේ වන විට පැවැත්වෙන්නේ UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවල සහභාගිත්වයෙනි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 15වන ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙම තරගාවලියේ ශූරයන්ට හිමි වන කුසලානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වටා Tropy Tour හෙවත් කුසලාන චාරිකාව අරඹා තිබෙනවා. ඒ අනුව Sharjah හිදි අපූරු ඡායාරූප කිහිපයක්ම මාධ්‍යයට නිකුත් කර තිබුණා.

ජායාරූප කිහිපයක් පහතින්

01

02

03

04

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7