Cricket GossipCricket NewsEXCLUSIVEInternational

මුම්බායි මුඩු­ක්කු­වෙන් ජාතික කණ්ඩායමට ගිය සර්ෆ­රා­ස්ගෙ කතාව.

සංචා­රක එංග­ලන්ත පිලට එරෙ­හිව මේ දින­වල රාජ්කොට් නුවර පැවැ­ත්වෙන තුන්වැනි ටෙස්ට් තර­ග­යේදී ටෙස්ට් වරම් දිනා සිය මංගල ටෙස්ට් ඉනි­මේ­දීම අර්ධ ශත­ක­යක් වාර්තා කළ ඉන්දීය මැද­පෙළ පිති­කරු 26 හැවි­රිදි සර්ෆ­රාස් ඛාන් මුම්බායි නුවර දිළිඳු ජන­තාව පදිං­චිව සිටින අසාම් මේඩ්න් ප්‍රදේ­ශ­යෙන් ජාතික පිලට එක් වූ පළමු ක්‍රීඩ­කයා බවට පත් විය.

ඔහු ටෙස්ට් වරම ලබා ජාතික හිස්වැස්ම අනිල් කුම්බ්ලේ අතින් ලබා ගනිද්දී ඔහුගේ ක්‍රිකට් ජීවි­තය වෙනු­වෙන් දැඩි කැප­වී­මක් කළ ඔහුගේ පියා නෞෂාඩ් ඛාන් ඉතා සංවේ­දිව හඬා වැටුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය. සිය පුත්‍රයා ක්‍රීඩා කර­මින් සිටි මොහො­තේදී විස්තර විචා­රක කුටි­යට ද ඇරි­යුම් ලැබූ නෞෂාඩ් ඛාන් එහිදී ඉතා සංවේදී අයු­රින් කළ ප්‍රකා­ශය මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ වැඩි අව­ධා­න­යට ලක් වී තිබේ.

“අපි මුඩුක්කු ජීවි­ත­ය­කට උරු­ම­කම් කියන අය. කිසිම වත්ක­මක් නැති අය. වැසි­කිලි යන්නත් පෝලිමේ ඉන්න අය. මගේ පුතාට පහර දීලා පෝලි­මෙන් පන්නලා දැමූ අවස්ථා පවා තිබුණා. පුතා මට දව­සක් කිව්වා තාත්තේ මට නැෂ­නල් ටීම් එකට සෙල්ලම් කරන්න බැරි වුණොත් එච්චර කන­ගාටු වෙන්න එපා. අපි ඒක අම­තක කරලා දාමු. මට පුළු­වනි තාත්තා එක්ක පේමන්ට් එකේ ඇඳුම් විකු­ණන්න.” නෞෂාඩ් ඛාන් විස්තර විචා­රක කුටි­යේදී එසේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මෑත කාලයේ එරට දේශීය ක්‍රිකට් පිටියේ නොම්මර එකේ පිති­ක­රුවා වන සර්ෆ­රාස් ඛාන් රංජි කුස­ලාන තර­ගා­ව­ලියේ 2021-22 තරග වාරයේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, 2022-23 තර­ග­වා­රයේ මෙතෙක් තරග 6කදී ලකුණු 556ක් රැස් කිරී­මට සමත් විය. සිය මංගල ටෙස්ට් ඉනි­මේදී ඔහු ලකුණු 62ක් ලබා සිටි­යදී දුවද්දී දැවී යෑමට හසු­වී­මෙන් පසු ක්‍රීඩා­ගා­ර­යට පිය­මැන්නේ හැඬූ කඳු­ළින් යුතු­වය. ඔහු දැවී ගියේ ඒ මොහොතේ අනිත් අන්ත­යෙන් ක්‍රීඩා කර­මින් සිටි රවීන්ද්‍ර ජඩේජා නොතිබූ ලකු­ණ­කට කැඳ­වීම හේතු­වෙනි. තමා අතින් සිදුවූ වර­දට පසුව ඔහු සර්ෆ­රා­ස්ගෙන් සමාව අයැද සිටි බව ද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
7
+1
5
+1
2
+1
4
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button