Cricket NewsEXCLUSIVEInternational

බටහිර ඉන්දීය කොදෙව්වන් ඉන්දියාව කඩුලු 2කින් පරාජය කර තරඟාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගනී.

2nd T20I: බටහිර ඉන්දීය කොදෙව් (155/8) ඉන්දියාව (152/7) ගයනාහිදී කඩුලු 2 කින් පරදවා, තරග 5කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දියාව අතර පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු දෙකකින් ජයග්‍රහණය කල බටහිර ඉන්දීය කොදෙව් පිල තරග පහකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 152ක් රැස් කළේය. නිකලස් පූරන් පන්දු 40කදී ලකුණු 67ක් රැස්කරමින් තරගය ජයග්‍රාහී මාවතට රැගෙන ගිය අතර කොදෙව් පිල ලකුණු 153ක ඉලක්කය තවත් පන්දු 7ක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කළේය.

ඉන්දියාව වෙනුවෙන් ඔහුගේ දෙවැනි තරගයට පමණක් ක්‍රීඩා කල, තිලක් වර්මා පන්දු 41කදී ලකුණු 51ක් රැස්කරමින් ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ අතර, එය ඔහුගේ මංගල අර්ධ ශතකයද වේ. ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Akeal Hosein, Alzarri Joseph සහ Romario Shepherd කඩුලු 2 බැගින් දවා ගත්හ.

නායක හර්දික් පාණ්ඩ්‍යා පන්දු 18කදී ලකුණු 24ක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන් පන්දු 23කදී ලකුණු 27කින් දැවී ගියේය. මින් පෙර ට්‍රිනිඩෑඩ් හි ටරෝබාහිදී පැවැති තරගාවලියේ ආරම්භක තරගය ලකුණු 4කින් ඉන්දියාව පරාජයට පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button