Cricket NewsEXCLUSIVE

කාන්තා හෝ පිරිමි අයිසීසී තරඟාවලියක් තුලදී ලොව අඩුම ලකුණු ගණනක් රැස් කල නායකයා බවට දසුන් ශානක පත්වෙයි .!

අද සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසු කම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයේදීද සිය අතිශය දුර්වල පිතිකරණය පෙන්නුම් කල දසුන් ශානක අදත් එක් ලකුණකට පමණක් දැවී ගියේ කිසිම දිනක නායකයෙකු සතුනොවිය යුතු වාර්ථාවකට හිමිකම් කියමිනි.

එදා මෙදා තුර ශ්‍රී ලංකා නායකයෙකු එක්දින තරඟාවලියක් තුල දැක්වූ දුර්වලම පිතිකරණ දක්ශතාවයට හිමිකම් කීමට අද දසුන් ශානක සමත් වූයේ නෙදර්ලන්තය හමුවේ එක් ලකුණකට දැවී යාමත් සමඟයි.

තරඟාවලිය පුරාවට දසුන් ක්‍රීඩා කල ඉනිම් සියල්ල දැක්වූයේ 1,5,0,5,1 ක් ලෙසටයි.

ඒ අනුව මෙවර තරඟාවලියේදී ලකුණු 12 ක් පමණක් තම පිත්තෙන් ‍‍රැස් කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද වාර්ථා පොත් අලුත් කලේ එක්දින තරඟාවලියක් තුල අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස් කල ශ්‍රී ලංකා නායකයා ලෙසටයි.

කාන්තා හෝ පිරිමි අයිසීසී තරඟාවලියක් තුලදී ලොව අඩුම ලකුණු ගණනක් රැස් කල නායකයා බවට දසුන් ශානක පත් වූයේ ඉනිම් 5 ක් හෝ ඊට වැඩි ගණනක් ක් ක්‍ර්‍රිඩා කල පිතිකරුවන් අතර අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස් කල නායකයාද වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
6
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7