Cricket GossipCricket NewsEXCLUSIVEIPLPremier League

කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරු වන ශාරුක් ඛාන් රෝහල්ගත කරයි.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් හා සන්රයිස් හයිද්‍රාබාද් අතර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති තරගය අතරතුරදී කොල්කටා නයිට් රයිඩර්ස් අයිතිකරු බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් අසනීපවී රෝහල්ගත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

උෂ්ණාධික ආඝාතය නම්වූ රෝගයක් වැලඳීමෙන් පසු ෂාරුක් අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, මේ වන විට සුවයෙන් පසුවන බව ඔහුගේ සමීපතම මිතුරියක වන ජූහි චව්ලා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය. ජූහි චව්ලා කොල්කටා නයිට් රයිඩර්ස්හි සම හිමිකාරීත්වය දරන හෙයින් ෂාරුක් ඛාන් සමඟ එම තරගය නරඹා ඇත. “රාත්‍රියේ ෂාරුක්ට එතරම් සනීපයක් නොතිබුණත් සවස් වන විට ඔහු හොඳ තත්ත්වයෙන් සිටිනවා. ඔහු ඉක්මනින්ම නැඟිට, 26 වැනිදා අවසන් මහා තරගය ක්‍රීඩා කරන හැටි බලන්න එයි” ඇය පැවසුවාය.

වසර 10 කට පසු කොල්කටා නයිට් රයිඩර්ස් පිල අයිපීඑල් කුසලානය කොල්කටා වෙත ගෙන ඒම ක්‍රීඩාලෝලීන්ගේ එකම බලාපොරොත්තුව බව ජූහි චව්ලා පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button