Cricket NewsEXCLUSIVEIPLMatch Review

Yuziගේ සුපිරි පන්දු යැවීමත්, Buttlerගේ සුපිරි පිතිකරණයත් හේතුවෙන් KKR පරාජය කළ Rajasthan Royalsට ලකුණු 7ක තියුණු ජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 30වන තරගය ලෙස Rajasthan Royals සහ Kolkata Knight Riders කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 7ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Rajasthan Royals සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 217ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ සිය දෙවන ශතකය රැස් කරමින් පන්දු 61ක් ලකුණු 103ක් රැස් කිරීමට Jos Buttler සමත් වුනා. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුලත් වුනා.

Sanju Samson ලකුණු 38ක් රැස් කළ අතර Shimron Hetmyer ලකුණු 26ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Sunil Narine කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 218ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 210ක් පමණයි

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Shreyas Iyer පන්දු 51ක් තුල වෙගවත් ලකුණු 85ක් රැස් කල අතර Aaron Finch ලකුණු 58ක් රැස් කළා.

පන්දු යැවීමේදී Yuzvendra Chahal කඩුලු 5ක් සහ Obed McCoy කඩුලු දෙකක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7