Cricket NewsEXCLUSIVEUnder-19

යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සමග මහේල ජයවර්ධනත් එක් වෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන් ජනවාරි 14 වන දා සිට කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරඟාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය යොවුන් ලෝක කුසලානය සඳහා ඩුබායි සිට බටහිර ඉන්දීය කොදෙව් බලා ඊයේ පිටත්ව ගියා.

මේ අතර ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ විෂේශ පුහුණු උපදේශක වරයකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම හා එක්වී තිබෙනවා.

ගෙවී ගිය 2021 වසරේ සාර්ථකම 19 පහළ යොවුන් කණ්ඩායම බවට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුයේ 2021 වසරේ වැඩිම ජයග්‍රාහී ප්‍රතිශතයක්ද පවත්වා ගනිමිනි.

ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නෙ අවිශ්ක ගුණවර්ධන මහතා වන අතර උපුල් චන්දන මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

චමිල ගමගේ මහතා වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන අතර සචිත් පතිරණ මහතා දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි. පිතිකරණ පුහුණුකරු ධුරය දර්ස්නු ලබන්නේ ධම්මික සුදර්ශන මහතා විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7