Cricket NewsEXCLUSIVEInternational

“පකිස්තානය ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසිවේවි” – ශොයිබ් අක්තර්

අනුශුරයින් ලෙස ආසියානු කුසලාන තරඟාවලිය නිමා කල පකිස්තානු කණ්ඩාම දිගින් දිගටම මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව හේතුවෙන් විශාල කඩාවැටීමකට ලක්ව සිටින බවක් පෙනෙන්නට තිබේ.ඉකුත් සතියේදී සත්කාරක පකිස්තානු කණ්ඩායම එංගලන්තය හමුවේ තම මව්රටේදී තරඟ 4-3 ක් ලෙසින් තරඟාවලි පරාජයක් ලැබුවේය.

තම මව්රටේදී ඔවුන් ලෝක කුසලානයට පෙර මුහුණදුන් අවසන් විස්සයි විස්ස තරඟාවලිය පරාජය වීම ලෝක කුසලානයටද විශාල පහරක් විය හැකි බවට හිටපු පකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් ප්‍රකාශ කලේය.

තම යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් ඔහු උඩුගත කර තිබුණු අතර එහ්දී අක්තාර් කියා සිටියේ පකිස්තානය ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වීමේ වැඩි ඉඩක් පවතින බවය.

“මම කලින් කිව්වා වගේ මේ පකිස්ථාන කණ්ඩායමට ලෝක කුසලානයෙන් පළමු වටයෙන්ම ඉවතට විසිවෙලා යන්න පුළුවන්.මම ඒ ගැන බයකින් පසුවනවා.” යනුවෙන් අක්තාර් කියා සිටියේය.

බාබර්-‍රිස්වාන් සුසංයෝගය හැරුණු කොට සෙසු පකිස්තානු පිතිකරණ බලඇණියම විශාල කඩවැටීමකට ලක්වීම ආසියානු කුසලානයේදීත් කැපී පෙනුනු කරුණක් වූ නමුත් ශාන් මසූඩ් සංචිතයට ආදේශ කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන් සතු නොවීය.

ශාන් මසූඩ් තරමක් ඉකුත් එංගලන්ත තරඟාවලියේදී සාර්ථක වූ නමුත් හයිඩර් අලී,කුශ්දිල් ශා හා මොහොමඩ් අසීෆ් ප්‍රමුඛ මැද පෙල පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පකිස්තානු කණ්ඩායමේ ලෝක කුසලාන ගමන සීමා කරනු ඇති බව අක්තාර් කියා සිටියේය.

“පාකිස්තානයේ මැදපෙළ හොඳ නැහැ.පකිස්ථානයේ ආරම්භක පිතිකරුවන් දස්කම් නොදැක්වුවහොත් මැදපෙළ පීඩනයට ලක්වෙනවා.ඔබට ලෝක කුසලානය දිනා ගැනීමට අවශ්‍ය නම්,ලෝක කුසලානයකට යා යුතු මාර්ගය මේක නෙවෙයි.එය ඉතා කණගාටුදායකයි,” තවදුරටත් අදහස් දක්වන අක්තාර් කියා සිටියේය.

අක්තාර්ට අමතරව වසීම් අක්‍රම්,වකා යුනිස් වැනි හිටපු පකිස්තානු ක්‍රීඩකයින්ද පකිස්තානු කණ්ඩායමේ මැදපෙල පිතිකරණයේ කඩාවැටීම ලෝක කුසලානයේදී දීර්ඝ ගමනකට ඇති බාධාවක් බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button