Cricket NewsEXCLUSIVEMatch Review

Shreyas Iyerගේ සහ Jadejaගේ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්.!

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය අද ඉන්දියාවේ Dharamshala ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනු අතර එම තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියා නායක Rohit Sharma ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 183 ක දැවැන්ත ලකුණු පූවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 75 ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 11 ක් ඇතුළත් වුණා.

අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පිවිස ඉතා වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 19ක් තුළින් වේගවත් ලකුණු 47ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සමග හතරේ පහරවල් 2ක් ඇතුළත්.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සහ එක් කඩුල්ල බැගින් බිඳ හෙළිමට සමත් වුණා.

එ අනුව ලකුණු 184 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shreyas Iyer පන්දු 44 ක් තුළ වෙිගවත් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සමග හතරේ පහරවල් 6ක් ඇතුළත් වුණා.

ඊට අනගි සහයක් ලබා දුන් Ravindra Jadeja පන්දු 18ක් තුළ අධිවේගී ලකුණු 45 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සමග හතරේ පහරවල් 7ක් ඇතුළත්.

Sanju Samson ලකුණු 39 ක් රැස් කළා.

ඒ අනුව පන්දුවාර 17කුත් එක් පන්දුවක් අවසානයේ ලකුණු 186ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.

පන්දුයැවීමේදි ලහිරු කුමාර කඩුලු දෙකක් සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7