Cricket NewsEXCLUSIVE

දසුන් ශානකගේ සහ පැතුම් නිස්සංකගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්.!

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය අද ඉන්දියාවේ Dharmashala ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියා නායක Rohit sharma ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 183 ක දැවැන්ත ලකුණු පූවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 75 ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 11 ක් ඇතුළත් වුණා.

අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පිවිස ඉතා වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 19ක් තුළින් වේගවත් ලකුණු 47ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සමග හතරේ පහරවල් 2ක් ඇතුළත්.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සහ එක් කඩුල්ල බැගින් බිඳ හෙළිමට සමත් වුණා.

එ අනුව ලකුණු 184 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7