Cricket NewsDomestic CricketEXCLUSIVE

National Super Leagueහි යාපනය කණ්ඩායමට එරෙහිව රොෂේන් සිල්වාගේ සුපිරි ශතකක්.!

එක්දින තරගාවලිය අවසන් වී දින 5 ක් ඉක්මවාලීමට මත්තෙන් ආරම්භ වුණු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරගාවලියේ දෙවැනි දිනය ආරම්භ කරමින් ඊයේ(26) යාපනය සහ කොළඹ අතර තරගය පැවැත්වුනා.

යාපනය කණ්ඩායමට එරෙහිව ඊයේ දිනයේ දී රොෂේන් සිල්වා සුපිරි ශතකයක් ලබාගෙන කොළඹ ඉනිම ඔසවා තැබීමට සමත් වුනා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගයේ ඊයේ දිනය ආරම්භ වන විට කොළඹ කඩුලු 2ක් ලකුණු 3ක් තුල දැවී ගොස් අසීරු මට්ටමක පසුවුණා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 8ක් ලබා සිටි ශෙවෝන් ඩැනියල් දැවී ගිය පසුව පිටියේ එක්වූ නුවනිඳු සහ සම්මු සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කර දුන්නා.

ඉන්පසුව පිටියට පැමිණි රොෂේන් සිල්වා කොළඹ ගෞරවය ආරක්ෂා කරගනිමින් පන්දු 202ක දී නොදැවී ලකුණු 147*ක් ලබාගෙන කොළඹ ලකුණු සටහන සවිමත් මට්ටමකට රැගෙන ආවා.

රොෂේන්ගේ සුපිරි ඉනිම සඳහා 4 පහර 16ක් ඇතුළත් වුනු අතර එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 25 වැනි ශතකයයි. ක්‍රිෂාන් සංජුල ලකුණු 35යි.

පන්දු යැවීමේ දී යාපනය වෙනුවෙන් වමතින් දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ දැනට කඩුලු 2ක් දවාගෙන තිබෙනවා. තරගයේ තෙවැනි දිනයේ නිමාව සටහන් වන විට කොළඹ කණ්ඩායම යාපනයට වඩා තවත් ලකුණු 246ක් පසුපසින් පසුවෙනවා.

තරඟයේ කෙටි ලකුණු සටහන

යාපනය – ලකුණු 555 (173.4):

සමින්ද ප්‍රනාන්දු 141,
නවෝද් පරණවිතාන 77,
දුනිත් වෙල්ලාලගේ 74,
ගීත් කුමාර 63,
සන්තුෂ් ගුණතිලක 61,
සදීර සමරවික්‍රම 58,

ප්‍රභාත් ජයසූරිය 6/169.

කොළඹ (තෙවන දිනය අවසානයේ) – 309/8 (91):

රොෂේන් සිල්වා 147*,
ක්‍රිෂාන් සංජුල 35,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7