Cricket NewsEXCLUSIVE

කලාපීය ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ මුණ ගැසෙන ආසියානු කුසලානට ශ්‍රී ලංකාවෙන් විනිසුරුවන් දෙදෙනෙක්.!

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරුවරුන් ලෙස රුචිර පල්ලියගුරුගේ සහ රවින්ද්‍ර විමලසිරි යන මහත්වරු දෙදෙනා සහභාගි වීමට නියමිතය.

මේ වන විට 54 වැනි වියේ පසුවන රුචිර පල්ලියගුරුගේ මහතා මේ දක්වා ටෙස්ට් තරග 18 ක පිටියේ විනිසුරු ලෙස අවස්ථා 9 කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 9 කදීත් කටයුතු කර ඇත.

එක්දින ජාත්‍යන්තර තරග 115 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 84 කදීත්, රූපවාහිනි විනිසුරු ලෙස අවස්ථා 31 කදීත් කටයුතු කර ඇති ඔහු, විස්සයි-20 ජාත්‍යන්තර තරග 55 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 37 කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 18 කදීත් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට 52හැවිරි රවින්ද්‍ර විමලසිරි මහතා මේ දක්වා ටෙස්ට් තරග 4 කදී රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කර ඇති අතර එක්දින ජාත්‍යන්තර තරග 33 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 24 කදීත්, රූපවාහිනී විනිසුරු ලෙස අවස්ථා 9 කදීත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 41 කදී පිටියේ විනිසුරු ලෙස අවස්ථා 31 කදීත්, රූපවාහිනි විනිසුරු ලෙස අවස්ථා 10 කදීත් සිය සේවය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරඟයෙන් මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button