Cricket NewsEXCLUSIVESocial Reaction

“ශ්‍රී ලංකාව හමුවේ පරාජය උනාට හිතට ලොකු වේදනාවක් නෑ. ඔවුන්ට උඩඟුකමක් සහ අහංකාරකමක් නෑ ඔවුන් මිත්‍රශීලී ගෞරවනීය පිරිසක්” – පකිස්ථානයේ සමාජ මාධ්‍ය වල ශ්‍රී ලංකාව ගැන හුවමාරු වන පුවත.!

ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරගාවලිය පසුගියදා අවසන් වූයේ 6වැනි වරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.

පකිස්ථානය සමග පැවති අවසන් මහා තරගය ලකුණු 23ක් ජයග්‍රහණයක් සමගින් වසර 8කට පසුව ආසියානු ශූරතාවය මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මේ අතර මෙවර පාකිස්තානය කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව තමන්ට කිසිදු වේදනාවක් නොමැති බව පකිස්තාන රසිකයන් පවසනවා.

එම ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඇති සුදුසු බව දැක්වෙන සමාජ මාධ්‍ය පෝස්ටුවක් මේ වන විට පාකිස්තාන සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා. එම සමාජ මාධ්‍ය සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

“අපේ කණ්ඩායම ඔවුන් ඉදිරියේ තරඟයක් පරාජය උනාට වේදනාවක් දැනෙන්නෙ නැති එකම රට ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව හමුවේ පරාජය උනාට හිතට ලොකු වේදනාවක් නෑ. ඔවුන්ට උඩඟුකමක් සහ අහංකාරකමක් නෑ ඔවුන් මිත්‍රශීලී ගෞරවනීය පිරිසක්. ඒ වගේම පකිස්ථානය තුල ජාත්‍යන්තර තරග තහනම් වූ කාලයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම් අපේ රටට ආවා. ඔවුන්ගේ රටත් අදූරදර්ශි නායකයන් නිසා පරිහානියට ලක් වු අතර ඔවුන්ද අප මෙන්ම දුප්පත්ය.”

පකිස්ථාන සමාජ මධ්‍යයේ හුවමාරු වන පොස්ටුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button