Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩා­යම අද බංග්ලා­දේ­ශ­ය බලා පිටත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම දීර්ඝ තරග සංචා­ර­යක් අර­ඹ­මින් අද (29) බංග්ලා­දේ­ශය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ නිවේ­ද­නය කළ විස්සයි20 සංචි­ත­යට ක්‍රීඩ­ක­යන් 17 දෙනකු ඇතු­ළත්ව ඇති අතර ඒ අනුව ඔවුන් අද (29) මෙර­ටින් පිටත්ව යන කණ්ඩා­ය­මට ඇතු­ළත් වෙති. මේ කණ්ඩා­යමේ නාය­කයා ලෙස වනිඳු හස­රංග කට­යුතු කරන අතර ඔහුට ඇෆ්ග­නි­ස්තා­නය සමඟ පැවති තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව තරග දෙකක තහ­න­මක් පැන­වීම හේතු­වෙන් බංග්ලා­දේ­ශ­යට එරෙහි මුල් තරග දෙකේදී උප­නා­යක චරිත් අස­ලංක වැඩ බලන නාය­කයා ලෙස කට­යුතු කරනු ඇත. නිමා වූ ඇෆ්ග­නි­ස්තා­න­යට එරෙ­හිව ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හැර සෙසු ක්‍රීඩ­ක­යන් 15 දෙනා මේ සංචා­ර­යට නම් කර ඇති අතර ඊට අම­ත­රව විස්සයි20 තර­ගා­ව­ලිය වෙනු­වෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ ආර­ම්භක පිති­කරු අවිශ්ක ප්‍රනාන්දු කැඳ­වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව කට­යුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button