Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ධුරය පිළිබඳ හිටපු එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සමඟින් පවත්වන සාකච්ඡා අවසන් අදියරේ

Chris Silverwood appointed new England men's head coach
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර්ගේ අනුප්‍රාප්තිකයා සොයා තවමත් සාකච්ඡා පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු එංගලන්ත පිලේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සමඟින් සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේය.

ප්‍රවීන ක්‍රීඩා මාධ්‍ය වේදී රෙක්ස් ක්ලෙමන්ටයින් තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ සිල්වර්වුඩ් සමඟින් පැවැත්වෙන සාකාච්ඡා අවසන් අධියරට පැමිණ ඇති බවයි.

England coach Chris Silverwood to take break after New Zealand Tests | Sports News,The Indian Express

තරුණ කණ්ඩායමක් වූ ESSEX ප්‍රාන්ත කණ්ඩායමට 2017 වසරේදී ප්‍රථම ප්‍රාන්ත ශූරතාව දිනාදෙන්නට ඔහුට හැකිවිය.2019 ලෝක කුසලානයෙන් පසුව එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණු කරු වූ ඔහු නිමාව දුටු 2022 අළු බඳුන තරඟාවලිය නිමාවීමත් සමඟ නෙරපා දමන්නට එංගලන්තය කටයුතු කලේ 2021 වසරේදී එරට තේරීම් කමිටුවේ සභාපති වරයා ලෙසින් පත් වීමෙන් අනතුරුව අත්තනෝමතික ලෙස තීරණ ගැනීම හේතුවෙනි.

Overthinking, sticking to the script and the IPL - England have made it harder for themselves in Test cricket

බොහෝ විට සුභදායක ප්‍රතිඵල මෙකී සාකච්ඡා ගෙන එනු ඇති බවට බොහෝ මාධ්‍ය අපේක්ෂා කර සිටින අතර සිල්වර්වුඩ් වැන්නෙකුගේ සහය ලැබීම යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට විශාල අස්වැසිල්ලක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7