Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා කන්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන 29 දා ඇරඹෙයි

ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය නිමා වී හරියටම සතියකින් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටතව යනු ඇත. එය සම්පූර්ණ තරගාවලියකි. ඊට විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 29 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මාර්තු සහ අප්‍රේල් මාස දක්වා දිගහැරෙයි.

මෙම තරගාවලියට අයත් ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකි. 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු පුවරුව අනුව බංග්ලාදේශය 4 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි (අවසන්) ස්ථානයේත් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට විස්සයි-20 තරග සඳහා සහභාගි වෙමින් සිටින බැවින්, බංග්ලාදේශ සංචාරයේදීත් පළමුවෙන්ම විස්සයි-20 තරගාවලිය පැවැත්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button