BBLCricket NewsEXCLUSIVEPremier LeagueWoman Cricket

2023 වසරේ බිග් බෑෂ් කාන්තා ලීගයේ ක්‍රීඩිකාව – ඔස්ට්‍රේලියාවෙන් චමරිට සම්මානයක්

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වසරේ ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සම්මානයකින් පිදුම් ලැබුවාය.

පෙරේදා (31) රාත්‍රියේ මෙල්බර්න්හිදී පැවති මේ සම්මාන උලෙළේදී 2023 වසරේ බිග් බෑෂ් කාන්තා ලීගයේ ක්‍රීඩිකාව ලෙස චමරි සම්මාන ලැබූ අතර, මේ සමඟ චමරි ඉතිහාසයට එක් වූයේ විදෙස් ක්‍රිකට් ආයතන සම්මාන උලෙළෙකදී ඇගයීමට ලක්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසිනි.

පසුගිය ඔක්තෝබර් 19 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවති කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ බිග් බෑෂ් ලීගයේ සිඩ්නි තන්ඩර්ස් පිල නියෝජනය කළ චමරි තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තාය.

එම තරගාවලියේ තරග 14කදී අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 552ක් රැස් කරමින් දෙවැනි වැඩිම ලකුණුලාභිනිය වූ චමරි කඩුලු 9ක් දවා ගැනීමට ද සමත් වූවාය. ඇයට ඉදිරියෙන් සිටි බෙත් මූනි තරග 15කදී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 557කි.

මේ සම්මාන උලෙළේදී 2023 වසරේ වටිනාම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇලන් බෝඩර් පදක්කම දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් සමත් වූ අතර, වටිනාම ක්‍රීඩිකාව ලෙස බෙලින්ඩා ක්ලාක් පදක්කම ඈෂ්ලි ගාඩ්නර්ට හිමි විය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
4
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button