Cricket NewsEXCLUSIVEIPL

“IPL 2022 තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්ගෙන් ඉඟියක්.!

කොවිඩ් 19 වෛරස තත්වය මත යම් හෙයකින් ඉන්දීයාවේදී මෙවර IPL තරඟාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා සත්කාරත්වය ලබාදිය හැකි රටවල් කිහිපයක් කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා කර තිබුණි.

කෙසේනමුත් ඉන්දයානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන ඉන්දීය ප්‍රිමියර් ලීගය වෙනුවෙන් ආසියාවේම සත්කාරකත්වයක් කෙරෙහි වැඩි අපේක්ෂාවකින් ඔවුන් පසුවන බවත් ඒ ශ්‍රී ලංකාව බවත් ඔවුන් සඳහන් කර තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ලේකම් වරයා වන මොහාන් ද සිල්වා මහතා ක්‍රික්බස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ “මෙම වසරේදී IPL ලංකාවේ පැවැත්වීම ගැන අපි අතිශයින්ම සතුටට පත් වන බවයි.

මේ ගැන කඩනමින් සාකච්ඡා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button