Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින පිල නම් කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක්වන කාන්තා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළේය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව ඇති මේ සංචිතයට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩිකාවන් 16 දෙනකු නම් කර තිබේ.

වමත් දඟ පන්දු යවන්නියක වන 22 හැවිරිදි සචිනි නිසංසලා කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක් වන අතර, ඇය එක්දින පිටියට පිවිසෙන්නේ වසර දෙකකට පසුවය. 2022 වසරේ ජූනි 3 වැනිදා කරච්චි නුවරදී පාකිස්තානයට එරෙහිව ජගත් එක්දින තරග වරම් ලැබූ සචිනි අනතුරුව එක්දින තරග ක්‍රීඩා කළේ නැත.

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් වරට පසුගිය අප්‍රේල් මස දකුණු අප්‍රිකාවේදී සත්කාරකයන්ට එරෙහිව එක්දින තරගාවලියකට එක්වූ අතර, එම තරගාවලියට එක්ව සිටි ප්‍රසාදිනී වීරක්කොඩි සහ ඉමේෂා දුලානිට මේ සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.

කොදෙව් – ශ්‍රී ලංකා කාන්තා එක්දින තරගාවලිය මේ මස 15, 18 සහ 21 දිනවල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වේ. සියලු තරග පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය. මේ තරගාවලිය අයිසීසී කාන්තා ශූරතාවලියට ද ඇතුළත් වෙයි. මින් පෙර මේ තරගාවලිය ගාල්ලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකා කාන්තා පිල: චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, හන්සිමා කරුණාරත්න, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button