Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලියට යන අපේ කෙල්ලොන්ගෙ සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අයර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ(03දා) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අනුමැතිය දී තිබේ.

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලිය විස්සයි20 තරග 02කින් හා එක්දින තරග 03කින් තුනකින් සමන්විත අතර, ඒ සඳහා වත්මන් ආසියානු විස්සයි20 ශූරියන්වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 06වැනිදා අයර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

නම්කළ ශ්‍රී ලංකා කාන්තා සංචිතය,

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවිෂා දිල්හාරි, නිලක්ෂි සිල්වා, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝෂි ප්‍රනාන්දු, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, කෞෂිනි නුත්‍යංගනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button