නෙදර්ලන්තය සමග තීරණාත්මක තරඟය ජයග්රහණය කරමින් ශ්රී ලංකාව ලෝක කුසලාන සුපිරි 12 වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!
මෙවර ලෝක කුසලානයේ බී ඛාණ්ඩය යටතේ ශ්රී ලංකා කණ්ඩායම පළමු වටයේ මුහුණ දෙන අවසන් තරඟය අද නෙදර්ලන්තයට එරෙහිව ගීලෝං හි කද්රිනා පාක් ක්රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ.තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.
ක්රීඩාංගණයේ පැවැති අපහසු තත්වයන් මත සෙමෙන් සෙමෙන් ශ්රී ලංකා ඉනිම ඇරඹූ නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල සඳහා ලකුණු ලකුණු 36 ක් එක් කලේය.පන්දු 21 කදී ලකුනු 14 ක් පමණක් රැස් කල නිස්සංක පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී දනංජයද සිල්වා පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය.ඉන් අන්තුරුව පිටියට එක්වූ අසලංක සමඟින් එක්වෙමින් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 60 සබඳතාවයක් එක් කලේය.අසලංක ලකුනු 31 කට දැවී ගිය අතර භානුක රාජපක්ෂ වේගවත් ලකුනු 18 ක් රැස් කලේය.
එක් අන්තයක හුදෙකලා වෙමින් විශිෂ්ඨ ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් ලකුනු 79 ක් රැස් කලේය. පන්දු 44 කදී වාර්ථා වූ මෙන්ඩිස්ගේ අර්ධ ශතකය හයේ පහර 5 කින් හා හතරේ පහර 5 කින් වර්ණවත් විය.ශ්රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහර ගණනන් වාර්ථා කල පිතිකරුවා බවටද අද කුසල් මෙන්ඩිස් පත් වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ එක්ක කල 2000 වන හයේ පහරද තම පිත්තෙන් එල්ල කරමිනි.
ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කල අතර වෑන් මීක්රන් හා බාස් ඩි ලීඩර් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.
ලකුණු 163 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.පිතිකරුවන් හට ඉනිමේ මුල් බාගයේ සිටම වනිඳු හසරංග ප්රමුඛ ශ්රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්නේය.නෙදර්ලන්තය වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ මැක්ස් ඕඩෝව්ඩ් නොදැවී ලකුණු 71 ක් හා නායක ස්කොට් එඩ්වර්ඩ් ලකුණු 21 ක් රැස් කල අතර සෙසු එකදු ශ්රී ලංකා පිතිකරුවෙකුට හෝ ලකුණ 20 සීමාව පසු කරයන්නට නොහැකි විය.
පන්දු යැවීමේදී ශ්රී ලංකා පිල වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 28 ට කඩුලු 3 ක් බිඳ හෙළුවේය.මහීෂ් තීක්ෂණ කඩුලු ක් බිඳ දමද්දී මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් බිඳ දැමීය.ලහිරු කුමාර හා බිනුර ප්රනාන්දු අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
තරඟය ලකුණු 16 කින් ජයගත් ශ්රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේ ඉඩ වෙන්කරගනිද්දී කුසල් මෙන්ඩිස් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.