Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද දකුණු අප්‍රි­කා­ව බලා පිටත් වේ.

සීමිත ඕවර තර­ගා­වලි ද්විත්ව­ය­කට සහ­භා­ගි­වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (23) දකුණු අප්‍රි­කාව බලා පිටත්ව යෑමට නිය­මි­තය.

මේ සංචා­ර­යේදී කාන්තා පිල තරග 3කින් සම­න්විත විස්සයි20 සහ එක්දින තර­ගා­වලි දෙකක් ක්‍රීඩා කරන අතර, මේ සංචා­ර­යට එක් වන සංචි­තය ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ නිවේ­ද­නය කළේය.

චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් යුත් මේ සංචි­ත­යට ක්‍රීඩි­කාවෝ 17 දෙනකු ඇතු­ළත්ව සිටිති.

දෙපිල අතර පළමු විස්සයි20 තර­ගය මේ 27 වැනිදා බියෝ­නි­හිදී පැවැ­ත්වෙන අතර, දෙවැනි තර­ගය 30 වැනිදා පොච්ෆ්ස්ට්රූ­ම්හි­දීත්, අව­සන් විස්සයි20 තර­ගය අප්‍රේල් 3 වැනිදා ඊස්ට් ලන්ඩ­න්හි­දීත් පැවැත්වේ. පළමු සහ තෙවැනි විස්සයි20 තරග දෙක රාත්‍රී තරග ලෙස පැවැ­ත්වී­මට නිය­මි­තය.

තරග 3කින් සම­න්වි­තව පැවැ­ත්වෙන එක්දින තර­ගා­ව­ලිය අයි­සීසී කාන්තා ශූර­තා­ව­ලි­යට ඇතු­ළත් වන අතර, එය අප්‍රේල් මස 9 වැනිදා ඊස්ට් ලන්ඩ­න්හිදී ආරම්භ වන අතර, දෙවැනි සහ තෙවැනි තරග පිළි­වෙ­ළින් අප්‍රේල් 13 සහ 17 දින­වල කිම්බ්ලි සහ පොච්ෆ්ස්ට්රූ­ම්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා පිල: චමරි අත­පත්තු (නායිකා), විශ්මි ගුණ­රත්න, නිලක්සි ද සිල්වා, හර්ෂිතා සම­ර­වි­ක්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුශ්කා සංජී­වනී, ඕෂධී රණ­සිංහ, උදේ­ශිකා ප්‍රබෝ­ධනී, ඉනෝකා රණ­වීර, අචිනි කුල­සූ­රිය, හන්සිමා කරු­ණා­රත්න, ඉමේෂා දුලනි, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, සුග­න්දිකා කුමාරි සහ ප්‍රසා­දිනී වීර­ක්කොඩි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button