Cricket NewsEXCLUSIVE

අනාගත ශ්‍රී ලංකාවට සුපිරි ක්‍රිකට් තරු හදන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් ක්‍රියාන්විතයක !

මෙරට ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් ය. ක්‍රිකට් සංවර්ධනය කිරීමට ප්‍රධාන දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. රට පුරා ගම් නගර සියල්ලේ සිටින දක්ෂයින්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ දොරටු විවර කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එබැවින් රට පුරා විසිරී සිටින දක්ෂයින් හඳුනා ගැනීමේ සැලසුම් රැසක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙයි. ඒ සඳහා රුපියල් මිලියන 650කට වැඩි දායකත්වයක් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් අරමුණ වී තිබේ.

ඊට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා විශාල පරිත්‍යාග කර ඇත. ක්‍රීඩා උපකරණ සහ පහසුකම් සැපයීම ඉන් ප්‍රධාන වේ. ක්‍රීඩා උපකරණ වලට අමතරව තණතීරු ආවරණ, හතරේ සීමා මායිම්, ජංගම දැල් ආවරණ, ගල් රෝල් සහ වෙනත් යටිතල පහසුකම් ආදිය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ලබා දී තිබේ. එම ප්‍රතිලාභ ලබා දුන් පාසල් අතර වයස බාළිකා පාසල් 50 ක් ද සමඟින් අවුරුදු 13 න් සහ 15 න් පහළ පාසල් 650 කට වැඩි සංඛ්‍යාවකටද වයස අවුරුදු 17 න් සහ 19 න් පහළ පාසල් 424 ක්ද වෙති. ඊට අමතරව තෙවන පෙළ ක්‍රීඩා සමාජ 400 කට ද ක්‍රිකට් ක්‍රීඩා උපකරණ සහ පහසුකම් ලබාදී තිබේ. ක්‍රීඩා සමාජ සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහය ලැබී ඇත.

තාක්ෂණික දැනුමෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමින් හඳුනාගෙන පුහුණුවට සහයෝගය දී ඔවුන් ජාත්‍යන්තර තලයට රැගෙන ඒම සංවර්ධන වැඩ පිළිවෙලක් ආරම්භ කර ක්‍රියාත්මක කිරිමේ ප්‍රධානතම අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙවැනි ව්‍යපෘති සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සුබ නිමිති කියා පායි. වත්මන් සභාපති ශම්මි සිල්වා ඇතුළු ශ්‍රි ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයේ සැලසුම වී ඇත්තේ මෙවැනි ව්‍යාපෘති යටතේ තරගාවලි පවත්වා, නව ක්‍රීඩා සමාජ බිහිකර ක්‍රිකට් ක්‍රීඩාව පුළුල් කර ජාතික තලය ශක්තිමත් කිරීමයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට ගෙනගොස් ශ්‍රී ලංකා නාමය බැබළවීම එහි අවසන් ඵලයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ ක්‍රිකට් ප්‍රවර්ධනය වෙනුවෙන් පමණක් නොවේ. සමාජ සත්කාර ද බොහෝය. මහරගම අපේක්ෂා රෝහලට සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඩොලර් මිලියන දෙකක් ප්‍රදානය කිරීම ඉන් ප්‍රධාන වේ. අනෙකුත් ක්‍රීඩා සංවර්ධනයට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දායක වී තිබේ. ආසියානු ශුරතාවය දිනූ නොට්බෝල් කණ්ඩායමට ත්‍යාග මුදල් ප්‍රදානය සහ ජාතික ක්‍රීඩා අරමුදල් ව්‍යාපෘති සඳහා පරිත්‍යාග කිරීම ඉන් කිහිපයක් පමණි. එලෙස විවිධ ක්‍රීඩා සහ වෙනත් සුබ සාධන කටයුතු සඳහා පරිත්‍යාග කළ සමස්ත මුදල රුපියල් බිලියන 1.2 කි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය වාර්තා කළේ 2022 වසරේදීය. එය රුපියල් බිලියන 6.3 ක වාර්තාගත අගයකි. ක්‍රමානුකූලව නිසි සැලැස්මකට ක්‍රියාත්මක වෙමින් උපයා ගන්නා ලාභය ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩාවල ප්‍රවර්ධනය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් ද යොදවන ශ්‍රී ලංකා ක්‍රිකට් අනෙක් ආයතනවලට ද පූර්වාදර්ශයක් සපයයි.

(මුල් කර්තෲ අයිතිය හා ඡායාරූප සියල්ලේම අයිතිය ලංකාදීප පුවත්පතට හිමිවිය යුතු ය.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7