Cricket NewsEXCLUSIVEIPL

KKR පරාජය කර එක් ලකුණක තියුණු ජයක් හිමිකරගනිමින් Lucknow කණ්ඩායම PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී – PLAY-OFF ඉඩ තවත් එක් කණ්ඩායමකට පමණයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 68වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් එක් ලකුනක තියුණු ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය සමගින් PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කර ගනිමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා.

Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Nicholas Pooran පන්දු 30කදී ලකුණු 58ක් වාර්තා කිරීමට සමත් වුනා.

Quinton de Kock ලකුණු 28ක් රැස් කළ අතර Prerak Mankad ලකුණු 26ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shardul Thakur, Sunil Narine සහ Vaibhav Arora කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 175ක් පමණයි

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rinku Singh පන්දු 33ක් තුල වෙගවත් ලකුණු 67ක් රැස් කල අතර Jason Roy ලකුණු 45ක් රැස් කළා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7