Cricket NewsEXCLUSIVEIPL

තීරණාත්මක තරඟයේ ග්‍රහණය සිය අණසකට ගත් Gujarat Titans ක්‍රීඩකයන් RCB රසිකයන්ගේ කුසලාන බලාපොරොත්තු තවත් වසරකට කල් යවයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 70වන තරගය සහ පළමු වටයේ අවසන් තරඟය ලෙස Gujarat Titans කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම සමත් වුයේ Royal Challengers Bangalore කණ්ඩායමට PLAY-OFF සිහිනයක් පමණක් බවට පත් කරමිනි.

ඒ සමගින් Mumbai Indians කණ්ඩායම PLAY-OFF හි සිය ස්ථානය තහවුරු කර ගනු ලැබුවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalor කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස් කිරීමට සමත් වුණා.

Royal Challengers Bangalore වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Virat Kohli පන්දු 61කදී ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් වුනා.

Faf du Plessis ලකුණු 28ක් රැස් කළ අතර Michael Bracewell ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Noor Ahmad කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 198ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 198ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shubman Gill පන්දු 52ක් තුල වෙගවත් ලකුණු 104ක් රැස් කල අතර Vijay Shankar ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohammed Siraj කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
2
+1
5
+1
3
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button