Cricket GossipCricket NewsEXCLUSIVEInternational

සමාජ මාධ්‍ය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී චිත්‍රපට සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට තහනම් කර‍මින් විනය නීති මාලාවක් .

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනය සහ ඉහළ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම උදෙසා නව මාර්ගෝපදේශ හඳුන්වා දීමට ක්‍රිකට් ආයතනය සූදානම් වේ. පසුගිය කාලයේ පැවති ඇතැම් තරගවලදී විනය පිරිහීමේ සිද්ධීන් වාර්තා වූ හෙයින් රටේ සහ ක්‍රීඩාවේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් මේ නීති මාලාව පැනවේ. ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදී සහ ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය මේ නීති මඟින් අවධාරණය කරන අතර, නීති උල්ලංඝනය කරන ක්‍රීඩකයින්ට එරෙහිව රුපියල් ලක්ෂ 50ක දඩයක් පැනවීමට සාකච්ඡා ආරම්භ කොට ඇති අතර මේ මස අගදී ආරම්භ වන ඉන්දීය සංචාරයට පෙර දඩ මුදල පිළිබඳ අවසන් තීරණයකට එළඹේ.

එම දඩ මුදලට අමතරව බරපතල විනය කඩ කිරීම්, විෂමාචාර හෝ කළමනාකරුගේ උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීම එම ක්‍රීඩකයා හෝ නිලධාරියා වහාම ශ්‍රී ලංකාවට එවීමට හේතුවක් වනු ඇත.

තරගයකට පෙර කණ්ඩායම තෝරා ගැනීම ප්‍රධාන පුහුණුකරු, නායකයා හා විශේෂඥ උපදේශකයා සහ තේරීම් කමිටු නිලධාරියාගේ වගකීම වන අතර, සම තත්ත්වයකදී කළමනාකරුගේ ඡන්දය අවසන් තීරණයට උපකාරී වේ. මෙමඟින් තීරණ ගැනීමේ විනිවිදභාවය ආරක්ෂා කිරීම සිදු වේ.

මේ දිනවල පැවැත්වෙන එල්පීඑල් තරගාවලියේදී ක්‍රීඩකයින් පිළිපැදිය යුතු ඇඳුම් ආයිත්තම් නීතිය කඩ කිරීම අනුව දඬ නියම කළ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලයට ද නව ඇඳුම් ආයිත්තම් නීතියක් හඳුන්වා දී තිබේ. ක්‍රීඩකයන්ට ලබාදී ඇති නිල ඇඳුම සහ විධිමත් පෙනුමක් සහතික කරමින් සපයා ඇති කමිසය, කලිසම් සහ බ්ලේසර් පැලඳිය යුතු අතර, සෙරෙප්පු හා කොට කලිසම් ඇඳ තරග අවසානයේ පිටියේ සිටිය නොහැක.

සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා හා රාත්‍රි චිත්‍රපට නැරඹීම සංචාරය අතරතුර තහනම් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ ලිඛිත අවසරයකින් තොරව සමාජ මාධ්‍යවල අදහස් පළ කිරීම හා සම්මුඛ සාකච්ඡා ලබා දීම ක්‍රීඩකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට තහනම් වේ. ක්‍රීඩකයින්ට වෙන වෙනම සිටින කළමනාකරුවන් තරග සංචාර අතරතුරදී හමුවීම තහනම් වන අතර, කණ්ඩායම් රැස්වීම් සඳහා ක්‍රීඩක කළමනාකරුවන්ට ආරාධනා කිරීමට ද ක්‍රීඩකයින්ට අවසර හිමි නොවේ.

ක්‍රීඩකයන්ට සහ සහායක කාර්ය මණ්ඩලයට තරු 4 හෝ තරු 5 හෝටල්වල නවාතැන් පහසුකම් ලැබෙන අතර, උදෑසන ආහාරයට අමතරව දිවා ආහාරය සහ රාත්‍රි ආහාරය සඳහා විදෙස් සංචාරයකදී දිනකට අමෙරිකානු ඩොලර් 150ක දීමනාවක් සහ මෙරට තරගාවලියකදී අමෙරිකානු ඩොලර් 100ක දීමනාවක් හිමිවේ. මෙම මුදල ඉතිරි කර ගැනීම සඳහා හිතාමතා ආහාර ගැනීමෙන් වැළකී සිටීම තහනම් වන අතර, පෝෂණවේදියෙකු විසින් අනුමත කරන ලද පෝෂ්‍යදායී ආහාර ගැනීම අනිවාර්ය වේ.

දීර්ඝ සංචාරවලදී ක්‍රීඩකයන්ට සංචාරය අවසන්වීමට දින 12ක් තිබියදී බිරිය සහ දරුවන් ද එක්කරගත හැකි අතර, ඒ වෙනුවෙන් සියලු වියදම් ක්‍රීඩකයා විසින් දැරිය යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button