Cricket NewsEXCLUSIVEInternational

“ක්‍රීඩා පොලිසියේ ලොකු ලොකු නම් කියැවේ”

ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ (පොලිස්) ඒකකයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් බාහිර පාර්ශ්වයන් වෙත දී නැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. “ක්‍රීඩා පොලිසියේ ලොකු ලොකු නම් කියැවේ” යනුවෙන් පසුගිය 23 වැනිදා ලංකාදීප පුවත් පතේ ක්‍රීඩා පිටුවේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය එසේ කියයි.

“ක්‍රීඩා පොලිසියේ ලොකු ලොකු නම් කියැවේ” යනුවෙන් සඳහන් කරමින් පුවත් පල වී තිබුණද, මෙම විමර්ශනයට අදාළ කිසිම කරුණක් පිළිබඳව එම විශේෂ විමර්ශන ඒකකය මගින් බැහැරට තොරතුරු දී නැති” බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් අවධාරණය කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button