Cricket NewsEXCLUSIVEInternationalUnder-19

වත්මන් ලෝකශූර ඉන්දියාව අඛණ්ඩව 5 වැනි වරටත් 19 පහල ලෝක කුසලාන අවසන් තරගයට ස්ථානයක් වෙන් කරගනී.

පිට පිට 5 වැනි වරටත් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට වත්මන් ශූර ඉන්දීය අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

බෙනෝනිහිදී පැවති ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකාව කඩුලු 2කින් පරාජය කරමින් ඉන්දියාව මේ අවස්ථාව උදා කර ගත්තේය.

2016 වසරේ සිට අඛණ්ඩව අවසන් තරගයට එක්වූ ඉන්දීය පිල 2018 සහ 2022දී ශූරතාවත්, 2016 සහ 2020 අනුශූරතාවත් දිනාගෙන තිබිණි.

ඉන්දීය පිලේ ආරාධනයෙන් මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 244ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය ඉන්දීය පිල ඕවර 48.5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී තිබියදීය.

ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 32ක් තුළ බිඳ වැටුණ ද 5 වැනි කඩුල්ලට නායක උදය සහරාන් සමඟ එක් වූ සචින් දාස් පන්දු 187කින් ලකුණු 171ක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දීය පිල ජයග්‍රාහී මාවතට රැගෙන ගියේය.

සචින් අවාසනාවන්ත ලෙස දැවී යන විට ඉන්දීය පිල ජයග්‍රහණයට ලකුණු 42ක් පසුපසින් සිටියේය. පන්දු 95කට මුහුණදුන් ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 96ක් රැස් කළේය. නායක උදය පන්දු 124කදී හතරේ පහර 6ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 81කි.

පන්දු යැවීමේදී ක්වේනා මෆකා සහ ට්‍රිස්ටන් ලූස් කඩුලු 3 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුවාන් ප්‍රිටෝරියස් (76) සහ රිචඩ් සෙලෙට්ස්වාන් (64) අර්ධ ශතක රැස් කළහ. ලුවාන් පන්දු 117කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කළ අතර, පන්දු 100ක් වැයවූ රිචඩ්ගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී රාජ් ලිම්බානි කඩුලු 3ක් සහ මුෂීර් ඛාන් කඩුලු 2ක් දවා ගත්හ.

ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය හෙට (8) මේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට එක්වන අතර අවසන් මහා තරගය ලබන ඉරිදා (11) පැවැත්වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button