Cricket NewsEXCLUSIVEILT20Premier League

දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපි­ටල්ස් ජාත්‍ය­න්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබයි.

ඩුබායි ජාත්‍ය­න්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනී­මට දසුන් ශානක ක්‍රීඩා කළ ඩුබායි කැපි­ටල්ස් කණ්ඩා­යම පෙරේදා සමත් විය.

තර­ගා­ව­ලියේ දෙවැනි සුදු­සු­කම් ලබා ගැනීමේ තර­ගය (Qualifier 2) කඩුලු 9කින් ජය ගැනී­මට කැපි­ටල්ස් කණ්ඩා­යම සමත් විය.

මේ අනුව ඩුබායි කැපි­ටල්ස් සහ මුම්බායි ඉන්දි­යන්ස් එමි­රේට්ස් කණ්ඩා­යම් අතර අව­සන් තර­ගය අද (17) ඩුබා­යි­හිදී පැවැත්වේ.

පෙරේදා සාජා­හිදී පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ගල්ෆ් ජයන්ට්ස් පිල ලකුණු 138කට සීමා කළ ඩුබායි කැපි­ටල්ස් පිල ඕවර 15.5කදී ජය හිමි කර ගත්තේ කඩු­ල්ලක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

ලියුස් ඩු ප්ලූයි නොදැවී ලකුණු 63ක්, ටොම් බැන්ටන් ලකුණු 38ක් සහ ටොම් ඇබෙල් නොදැවී ලකුණු 20ක් රැස් කර­මින් කැපි­ටල්ස් පිල ජය ග්‍රහ­ණය කරා ගෙන ගියහ.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ජයන්ට්ස් පිල වෙනු­වෙන් ජෙම්ස් වින්ස් ලකුණු 58ක් සහ ක්‍රිස් ජෝර්ඩ්න් නොදැවී ලකුණු 30ක් රැස් කළහ. කැපි­ටල්ස් පිල නියෝ­ජ­නය කරන දසුන් මේ තර­ග­යට ක්‍රීඩා නොකළ අතර, ඔහු අද පැවැ­ත්වෙන විස්සයි20 තර­ගා­ව­ලිය වෙනු­වෙන් ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබිණි. ඔහු පසු­ගිය 13 වැනිදා අබු­ඩාබි නයිට් රයි­ඩර්ස් පිලට එරෙ­හිව පැවති Eliminator තර­ග­යට ක්‍රීඩා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button