EXCLUSIVETrending Article

සිංහ තේජසින් ක්‍රිකට් ලෝකයම දිග්විජය කිරීමට සැරසෙන යාපන පුරවරයෙන් පැමිණි දඟ පන්දු තුරුම්පුව – විජයකාන්ත් වියස්කාන්ත්

නම විජයකාන්ත් වියස්කාන්ත්,
තාම අවුරුදු 20යි.
යාපනය පුරවරයෙන් බිහි වුනු ක්‍රිකට් දක්ෂයෙක්…

ගියපාර LPL තරගාවලියෙදි මේ පොඩි එකාව තිළිණ කණ්ඩම්බි එයාගේ යාපනය කන්ඩායමට එක් කරගන්නවා.
ගියපාරත් වියස්කාන්ත් LPL තරගාවලියෙදී ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනා ගන්න සමත් වෙනවා.

ඒ මහ ලොකුවට කඩුලු දවාගෙන නෙමෙයි.

හැබැයි එයා එයාගේ ජොබ් එක කොහොම හරි කරලා පිතිකරුවන්ගෙන් ගුටි කන්නේ නැතුව කොහොම හරි හොදට එයාගේ පන්දුවාර හතරින් ටීම් එකට සපෝර්ට් එක දීලා ජාමේ බේරා ගත්තා.

මේ පාරත්,
වියස්කාන්ත් කියන මේ පොඩි එකාව කිසිම කන්ඩායමක් සොච්චමකටවත් ගණන් ගන්නේ නැ…
හැබැයි කණ්ඩම්බි මේ පාරත් එයාව යාපනය කන්ඩායමට අර ගන්නවා.

අරගෙන කණ්ඩම්බි ගියපාර වගේම එයාගේ ඉන්න හොදම තුරුම්පු ටික බස්සලා මුලින්ම තමන්ගේ කන්ඩායම ප්ලේ ඕෆ් සදහා සුදුසුකම් ලබා ගන්නවා.

මේ පාරත් එහෙමයි. පරාජයකින් ආරම්භ වුනු ජැෆ්නා ගමන් ඒ මේ තරගාවලියේ පලමු සහ එකම පරාජය වුනා.
අවසානයේ වේලාසනින්ම ප්ලේ ඕෆ් ගියපු ජැෆ්නා කන්ඩායම වියස්කාන්ත් වගේ පොඩි කොල්ලොන්ට කන්ඩායමේ අවස්ථාව හදලා දුන්නා.

ඔය අතරේ මේ LPL තරගාවලියෙන් ලෝකේ ඉන්න හොදම දඟ පන්දු යවන්නන්ගෙන් වියස්කාන්ත්ට ගුරුහරුකම් ලැබුනා.
අද ලෝකේ අංක එකේ විස්සයි විස්ස දඟ පන්දු යවන්නා වනිදු හසරංග.

කවුරු හරි එයාගෙන් ඇහුවොත් ඔයා අනුගමනය කරන්නේ කවුද ? ඔයා ඔයාගේ ක්‍රිකට් ජීවිතයේට දේවල් ඉගෙන ගන්න ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් එයාගේ උත්තර වෙන්නෙත් මුලින්ම ඒ නම තමයි ,

ඒ තමයි ඉම්‍රාන් තහීර්,

තහීර් කියන්නේ ලෝකයක් වසඟයට පත් කරපු අති දක්ෂ පා දඟ පන්දු යවන්නෙක්…ඉතිං ලෝක පූජිත තහීර්ගෙන් ගුරුහරුකම් ලබන්න මේ පුංචි වියස්කාන්ත්ට හැකි වෙනවා.

ඊට පස්සේ තිබුණු තරගයේදී වියස්කාන්ත්ට ජැෆ්නා කන්ඩායමේ ස්ථානයක් හිමි වෙනවා.මං දැකපු විදිහට තාම වියස්කාන්ත්ට පන්දුවේ පාලනය ටිකක් අඩුයි.

එයාගේ පලවෙනි දෙවෙනි පන්දුවාර වල හුගාක්ම කොට බෝල වැටුනා.හැබැයි එයාගේ තුන්වෙනි හතරවෙනි පන්දුවාර වලට යද්දි එයා හරි ලෙන්ත් එකේ හුගාක් වෙලාවට පන්දුව පතිත කරා.

අවසානයේ වියස්කාන්ත් නතර වෙන්නේ එයාගේ LPL ජීවිතයේ හොදම පන්දු යැවීම සටහන් කරලා.

වියස්කාන්ත් මේ තරගයේ ලකුණු 32කට කඩුලු තුනක් දවා ගන්නවා.ඒ කඩුලු අතරට කුසල් පෙරේරා , ටොම් බැන්ටන් වගේ විස්සයි විස්ස පිටියේ දැවැන්තයින්ගේ කඩුලුත් ඇතුලත් වුනා.

Colombo Stars සමග තිබුණු එම තරඟයේදී වියස්කාන්ත්ට හයක් වදිනවා.කෙලින්ම වියස්කාන්ත් ලගට එන්නේ වනිදු හසරංග ලෝකේ හොදම පන්දු යවන්නා.

ඊලග පන්දුවේ වියස්කාන්ත් කඩුල්ලක් ගන්නවා.ඇත්තටම මේ අවස්ථාව වියස්කාන්ත්ට මාරම වටිනවා.

ලෝකේ හොදම බෝලර්ස්ලා ඉන්න ටීම් එකක එකට ක්‍රීඩා කරනවා කියන්නේ ඒක ඒ පොඩි එකාට මාරම වටින අත්දැකීමක්

ඔබට මතකද මහීෂ් තීක්ෂණ ? එයත් ජාත්‍යන්තර ක්‍රිකට් වලට ආවේ ඔය වගේමයි.මුලින්ම ජැෆ්නා කන්ඩායමේ ක්‍රීඩා කරා…
ලොකු දෙයක් කරන්න බැරි වුනා.

හැබැයි ඊට පස්සේ ටී10 වගේ ලීග් වලත් ඔහුට අවස්ථාව ලැබුනා.ඊට පස්සේ ඔහු ජාතික කන්ඩායම නියෝජනය කරන්න භාග්‍යවන්ත වුනා.

ජාතික කන්ඩායමේ ඔහු ක්‍රීඩා කරපු පලවෙනි විස්සයි විස්ස තරගවල ඔහුටත් තිබුන ප්‍රශ්නයක් හරියට ලයින් ඇන්ඩ් ලෙන්ත් බෝල් කරන්න බැරි වුනා.හොදට පන්දු යවලා පන්දුවාරයකට පන්දුවක් දෙකක් කොට බෝල වැටුනා.

හැබැයි වර්ල්ඩ් කප් එකට යද්දි මේ පුංචි කාලෙට මහීෂ්ගෙන් ලොකු වෙනසක් දැක්කා.දුර්වල පන්දුවක් නැති තරම්…
හරිම ලස්සනට මහීෂ් පන්දු යැව්වා.

මෑත කාලයේ ජාත්‍යන්තර පිටියට ඇවිත් අඩුවෙන්ම පිතිකරුවන්ගෙන් ගුටිකාපු පන්දු යවන්නෙක් විදිහට මහීෂ් හදුන්වන්න පුළුවන්.

ඉතිං වියස්කාන්ත් කියන්නෙත් ඒ වගේම හදලා ගන්න පුළුවන් මරු බුලට් එකක් !

ගුරුහරුකම් සහ උත්සහයන් මගින් කැපවීමකින් ඉස්සරහට යන්න පුළුවන් ක්‍රීඩකයෙක්…ඔහු හොදට පන්දුවේ වේගය අඩු වැඩි කරනවා.

හොද පන්දු සංකලනයක් තියෙනවා.දක්ෂතාවය තියෙනවා.ඉතිං හරියට පොලිෂ් කරලා ගත්තොත් මේ ඉන්නෙත් සුපිරිම දඟ පන්දු තුරුම්පුවක් !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button